IMG-LOGO

එක්ස්ෆෝ ප්‍රදර්ශනයෙන් කෝටියක් වතුරේ ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන්  රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී  අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

එම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි සකස් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් හැත්තෑ දෙලක්ෂයක පමණ මුදලක්ද  ප්‍රදර්ශනකරුවන් තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීමට රුපියල් 50,000කට ආසන්න මුදලක්ද  වැය කර තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (4)

එක්ස්ෆෝ ප්‍රදර්ශනයෙන් කෝටියක් වතුරේ ගිහින්

sunimal Monday, 06 March 2023 01:18 PM

දවස ගණනේ ඕව එක එක කිව්වට දැනෙන්නේ නැහැ. ලිස්ට් එකක් හදල එකපාරට දාන්න මුළු ගණනත් එක්ක.

:       0       0

පුරවැසියෙක්..... Monday, 06 March 2023 03:50 PM

විගණන වාර්තා මගින් පෙන්වා දෙනු ලබන දුෂණ සහ වංචා සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට නීතිමය පියවර ගැනීමට පියවර ගත යුතුය. නැත්නම් කෝප් කමිටු ආදිය පවත්වා ගෙන යාම පිනිස වැය කරන මුදල්ද අපතේ යාමකි. ජනතා මුදල් අවභාවිතා කළ සහ කරන නිලධාරීන්ට උපරිම දඩුවම් ලබා දීමටත්, ඔවුන්ගේ දේපල පවරා ගෙන හෝ අවභාවිතා කළ මුදල් ආපසු ලබා ගැනීමටත් නීති සකස් විය යුතුය.

:       0       0

sam Tuesday, 07 March 2023 04:40 AM

හා හා ඒකට මෙකද එතකොට හිටපු කාලක්න්නි ඇමතියටයි ඔගෙ පවුලෙ එවුන්ටයි මල්ල කරෙ වෙන්ඩ ඇති රටට හෙන ගැහුවත් මොකද කාලක්න්නි දේශ පාලුවො බඩ වඩා ගත්තනම් ඒ අති.

:       0       0

බී අමරසිංහ Tuesday, 07 March 2023 09:36 AM

රට රටවල ඔය ප්‍රදර්ශන අවුරුද්දකට කීයක් තියෙනවද? අඩුම ගානේ වියදමවත් කවර් වෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site