
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි හානිය සඳහා ලැබුණු වන්දි මුදලින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවරයන් 14400කට වැඩි පිරිසකට සෘජුවම ලබාදී ඇතැයි බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානියට දැනට වන්දි දී ඇත්තේ දින පහක කොටසකට පමණයි.අපට ලැබුණු වෙනත් වන්දි වලින් වැඩි කොටසක් ධීවරයන්ට දෙන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා .ඒ අනුව ලැබුණු රුපියල් මිලියන 720 ක මුදලකින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව සඳහා මූලික වන්දියක් ලෙස ගෙවා තිබෙනවා.
එම මුදලින් ගම්පහ කොළඹ කළුතර තහනම් කලාප කොටසේ 14400කට වැඩි ජනතාවකට සෘජුවම ඔවුන්ගේ ගිණුම් වලට වන්දි මුදල් බැර කර තිබෙනවා. ඉතිරි වන්දිය අපට ලැබෙන පරිදි තැන්පත් කරනවා.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා(සජබ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරි මිලියන 300 පිල්ලි ගහයි දෝ කියලා අපිට තියෙන ප්රශ්නය
වන්දි ගෙවූ පුද්ගලයන්ගෙ නම් ලයිස්තුව අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රසිද්ද කරන්න බැරිද දන්නෙ නැහැ. ධීවරයොන්ට දුන්නා කියලා දේශපාලන හිතවතුන්ගෙ එකවුන්ට් වලට දාලද දන්නෙ නැහැනෙ. එහෙම කට්ටිය මේගොල්ලො.
ඩොලර් මිලියන දෙකක්... කළ හානිය එපමණද? අපේ ඇමැතිවරුන්ගේ ජාත්‍යන්තර කටයුතුවල නොහැකියාව නිසා අහිමිවන වන්දි... කොහේ හරි බේරුම් කරන ආයතනයක් ඕකෙන් අඩුම තරමින් ඩොලර් බිලියනයක්වත් නැව් සමාගමට ගෙවලා ඇති...
වන්දි ලැබිච්චි බව කෙසෙ වෙතත් සුනාමි ආදාර වගේ ගිණුම් වලට බැර උනාද කවුද දන්නේ ?