(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය නිසා මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.
ලංකාවේ මුහුදු සීමාවේදී මීට වසරකට ඉහත දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්විය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවැති බවත් ඊට නෞකාව අයිති සමාගමේ නියෝජිතයන් මෙන්ම රක්ෂණ නියෝජිතයන් ද ඇතුලු වගකිවයුතු පාර්ශව ගණනාවක් පැමිණි බව සඳහන් කළ සාගල රත්නායක මහතා ඔවුන් සියලු දෙනා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවද සඳහන් කළේය.
මෙය නාවුක ඉතිහාසයේ වූ සුවිශේෂි අනතුරක් බවද එයින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය, අන්තරායකර රසායනික අපද්‍රව්‍ය, තෙල්, ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය සාගරයට එකතු වී මහා පරිමාණ සාගර දූෂණයක් සිදු වූ බව කී රත්නායක මහතා කලාපයේ වැඩිම සාගර ජීවීන් සංඛ්‍යාවක් මරණයට පත් වී තිබෙන්නේ මේ අනතුරින් බවට පරියේෂණ වාර්තා ඉදිරිපත් වී ඇතැයි කීය.
මෙම නෞකා අනතුරට සම්බන්ධ කපිතාන්වරයා ඇතුළු අනෙකුත් පාර්ශවයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩු ඉක්මන් කර ඒ අයට විරුද්ධව අධිචෝදනා බාර දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවද සාගල රත්නායක මහතා පැවසීය.
අදාළ පරිසර හානිය පිළිබඳව අධික්ෂණය කොට කඩිනමින් වන්දි ලබා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි ද ඒ අනුව පරිසර අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත්කර තිබෙන අතර සියළු වාර්තා අධ්‍යයනය කරමින් සාකච්ඡා වට ගණනාවක් අදාළ පාර්ශවයන් සමඟ කර තිබෙන බවද සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
’’එක්ස්ප්‍රස් පර්ල්’’ වන්දි සාකච්ඡා සාර්ථකයි
chandima Friday, 14 October 2022 01:49 AM
ගිනිතියපු ගෙවල් වලට වන්දිත් අරන් තීරු බදු නැතුව මහජන සේවයට වාහන ටිකකුත් ගෙන්න ගන්න ඇතිවෙයිද මේ හම්බවෙන ගාණ?