(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ’’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සමාගම නොසැලකිලිමත් කි‍්‍රයාවක් සිදුකළ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් සමුද්‍රීය ආරක්ෂන පනතේ ප‍්‍රතිපාදන ප‍්‍රකාරව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ඔහු සදහන් කරයි.
සැකකරු කොළඹ මහාධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද හෙතෙම සදහන් කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ගේ නඩය පාස් එහෙනම්. මෙයාලා තමයි නොසැලකිලිමත්කමෙන් වැඩකරලා තියෙන්නේ.
අර්ජුන කියල නම තියාගෙන හිරේ නොගියෙ එක්කෙනයි. ඉතාමත් නරක නමක්
මුහුදු යෝග්‍යතා, නෞකා යෝග්‍යතා පිළිබඳ සහතික නැතිව ලංකාවේ මුහුදු සීමාවට නැවට එන්න අවසර දීපු මහබලවතා අත්අඩංගුවට ගන්නේ කවදාද?