(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් (x-press pearl) නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ලබන නොවැම්බර් මුල් සතියේදී ආරම්භ කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය.
නැව ඉවත් කිරීමේ කටයුතු මෝසම් සුළං තත්වය නිසා තරමක් ප්‍රමාදවී ඇතත් නැව අයත් සමාගම නැව ඉවත් කිරීමට අදාල මූලික කටයුතු දිගටම කරගෙන යන බවද ප්‍රකාශ කළේය .
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක්ද කැඳවා ඇතැයි අලි සබ්රි මහතා පැවසුවේය.
මේ අතර නැව ඉවත් කෙරෙන ආකාරය සහ ඉන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට යම් හානියක් වේ දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ නාවික අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුව ඊට අදාළ වාර්තාව තමාට ඉදිරියේදී බාර දෙනු ඇති බවත් අධිකරණ ඇමැතිවරයා කීවේය.
නැව අයත් සමාගම නැව ඉවත් කිරීමට අනුගමනය කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒ අයගෙන් තොරතුරු විමසන ලෙසටද අධිකරණ ඇමැතිවරයා එම විශේෂඥ කමිටුවට දැනටමත් උපදෙස් දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ නැව ලංකාවට ගෙන්න අවසර දුන්නේ
එතකොට කෝ වන්දි? වරද කාගේද? පරිසර හානියට වගකියන්නේ කවුද?
නැවේ ගින්නක් තියෙනවා කියලා දැනගත්ත මොහොතේම ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇදගෙන ගිහින් දැම්මා නම් ඉවරයිනේ. ගින්න වැඩි වෙනකම්ම හිටියා අදින්න. කමිටු 5ක් දාලා අරවා මෙව්වා හෙව්වා. අන්තිමට පරිසරවේදීහු කියන විදිහට අවුරුදු 25ක පමණ කාලයක් මුහුදු සම්පතට ලොකු විනාශයක්ලු.
කෝ මේ කට්ටිය.?
මොකද්ද මේ නැව ?
කෝ මේ කට ලබා ගත්තා කියන වන්දිය... අන්තිමට රටේ ජනතාව ගෙවපු බදු මුදලින් පඩි ගෙවන අය තාම ඔක්කෝම පුළුවන් තරම් සුද්ද කරේ... මහා අවූරුදු ගානකට විදවන්න වෙන පරිසර දූෂණය යක් වෙලා..