
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (25) පස්වරු 2ට පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ සම්මේලනයේ දී අනුමැතිය ගැනීමට ද නියමිතය.
ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
සමගි ජන බලවේගයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට තමයි කියන්නේ මෝඩ චූන් කියලා...
අලියා විතරක් තිබ්බාට මදි. ඔතෙන්ට පොහොට්ටුව, දුරකථනය, ගෑස් සිලින්ඩරේත්, තිබ්බා නම් මරු?
ගෑස් සිලින්ඩරයට හොඳ වළකුයි, අනිත් පැත්තට පොහොට්ටුටකුයි තමයි අලුත් අය...
මුලින්ම ඇප මුදල් බැඳලා, පසුව නාම යෝජනා බාර දීලා, ස්වාධීන අපේක්ෂකයකු කියලා කැම්පේන් එකත් පටන් අරන් දැන් මොනවද? තව අනුමැතිය ගන්නේ... ඕකත් නිකන් අර සජී බබාගේ සංධානයට එකතුවෙන සෙට් එක වගේ... අවුරුදු ගාන්ක් එකට ඉඳලා දැන් ගිව්සුම් ගහලා සහාය දෙනවා.
ජනාධිපති තනතුරට නාමයෝජ්නා දීලා කැම්පේන් කරලා ඊට පස්සෙද අනුමැතිය ගන්නේ? මේවා වෙන්න ඇති නරලොව හොල්මන් කියන්නේ. මේ අයට පිස්සු වුනාට මිනිස්සුන්ට නම් පිස්සු නෑ..
අලියව සිරිකොතෙන් ගලවලා අයින් කරලා සිලින්ඩර් එකක් ගැහුවා නම් දැන් පක්ෂයේ ලකුණත් නීතිමය ලෙස වෙනස් කරන්න ඕන නේද? අනික් අතට, තාමත් යූඑන්පී නායකයා ලෙස ඉන්න කෙනෙක් කොහොමද ස්වාධීන අපේක්ෂක කියන්නේ...? මේ රටේ ජනතාවට පමණක් නොව රටේ මැතිවරණ නීතියටත් බොරුවක් කිරීමක් නේද? අපේ ලෝයර් තුමාලාට සහ තුමීලට මේ ගැන හිතෙන්නේ නැද්ද? මේක නම් ඉතාම පහත් විදිහට රටේ ජනතාව රැවටීමක්...!
එක්සත් ජාතික පක්ෂය (අලියා) ඔච්චර අනාථ වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. කොච්චර අභිමානවත් පක්ෂයක්ද?
රටේ නීතිය සහ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහට පක්ෂ සාමාජිකත්වය තිබියදී ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද?
මහත්මා නායකයන් බිහිකළ පක්ෂයක් විනාශම කළා.... බින්දුවටම බැස්සුවා. දැන් මහ සමුළු ... විහිළු තමයි.
සුබ පැතුම් !!!
එජාපයේ අලියත් නැහැ, ගෑසුත් නැහැ. ගෑස් සිලින්ඩරෙත් ගෑස් නැහැ.