
‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
බයිඩන් මෙන්ම, ට්‍රම්ප් ද ඇමෙරිකානුවන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේ, ඉකුත් දා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රිපබ්ලිකන් පක්ෂ රැලියකදී, ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගනීමත් සමඟය.
දේශපාලන බෙදීම් පසෙකලා එකමුතු වී කටයුතු කරමු යැයි ට්‍රම්ප් පැවැසුවේ, වෙඩි ප්‍රහාරයෙන් දකුණු කන් පෙත්ත තුවාල වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව යද්දීය. දේශපාලන බෙදීම් පසෙකලා එකමුතු වී කටයුතු කරමු යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ ට්‍රම්ප්ගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ජාතිය අමතමිනි. ඒ, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මිනිත්තු 6 ක පමණ වීඩියෝවක් නිකුත් කරමිණි.
මැතිවරණ වේදිකාව උණුසුම් නමුත්, ප්‍රචණ්ඩ ක්‍රියා මැතිවරණ වේදිකාවට අවහ්‍ය නොවන බවත්, ඇමෙරිකන් දේශපාලනය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා බැහැර කළ යුතු බවත් බයිඩන් පෙන්වා දුන්නේය. ඒ සුපුරුදු පරිදි වචන පටලවා ගනිමිනි.
‘ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නැහැ. ඇමෙරිකා දේශපාලනය ප්‍රචණ්ඩත්වයේ මාවතට පිවිසිය යුතු නැහැ. ඉදිරි ජනාධිපතිවරණය තීරනාත්මකයි. ඒ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒත් ප්‍රචණ්ඩත්වය නොවෙයි පිළිතුර. අපි ජනාධිපතිවරණයේ දී සටන් කරමු. ජනාධිපතිවරණයේ නාමයෙන් ලේ සෙලවීම් අවශ්‍ය නැහැ.’ යැයි බයිඩන් ජාතිය අමතමින් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
75
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එකමුතු වී වැඩ කරන්න ඕනෑ: බයිඩන්-ට්‍රම්ප් කියති