
(රෝෂන් තුෂාර)
ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය මඟින් ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාව හා රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බවත්,දත්ත මකා දැමුවේ කවුද? ඊට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතු බවත්,ඒ සම්බන්ධයෙන් සුදුසුකම්ලත් ජාත්‍යන්තර හෝ දේශීය ආයතනයක් හරහා විමර්ශනය කරන ලෙසට රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙසත් සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේය.
නෞකාවේ සහ හාර්බර්මාස්ටර් වරයා සන්තකයේ තිබූ වි.ටි.එම්.එස් යන්ත්‍රය හෙවත් වෙසෙල් ට්‍රැපික් මැනේජ්මන්ට් සිස්ටම් දත්ත පද්ධතිය සහ වි .ඩි. ආර් (වෙසෙල් ඩෙටා රෙකොර්ඩර්)දත්ත පද්ධතිය මෙසේ මකා දමා ඇති බවත්,නෞකාව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට එවන ලද ඊමේල් පණිවිඩ රාශියක්ද අතුරුදහන් වී ඇති බවත් වෝහාරික පරීක්ෂණය මගින් සනාත වී ඇති බව සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේය.
නැවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත ආයතනයට යොමු කල ඊමේල් පණිවිඩ මෙසේ අතුරුදහන් වී ඇති බවද පැවසීය.
එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට හා දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සන්ස් සමාගමේ සැකකාර නියෝජිතයින් හත් දෙනෙකුට එරෙහිව රහස් පොලිසිය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙසේද පැවසීය.
මේක සාමාන්‍යයෙන් නඩුකරයක් නෙවෙයි. ලෝකයේ බරපතළම සමුද්‍ර දූෂණය මේක.නෞකාව මගින් දේශීය නියෝජිත ආයතනයට එවපු නැවත සම්බන්ධ සියලු දත්ත අතුරුදහන් වෙලා.එම අතුරුදහන් කිරීම හිතා මතාම සිදුකර තිබෙනවා කියලා වෝහාරික පරීක්ෂණය මගින් සනාථ වෙලා තියෙනවා.මේ නිසා මීට සම්බන්ධ වූවන් කවරහුද යන්න පිළිබඳ සොයා බැලීමට රජයක් ලෙස වගකීමක් තියෙනවා.මේ වනවිට ශ්‍රී ලංකා රජය නැව අයිති සිංගප්පූරු සමාගමට නඩු දාලා තියෙනවා.රක්ෂණ ආයතනයෙන් වන්දිය ලබාගන්න නඩු පවරා තිබියදී,ශ්‍රී ලංකා රජයට නොදන්වා දේශීය නියෝජිතා ආයතනය මහා බිතාන්‍යයේ නඩු පැවරුවා.දැන් රජය නඩු දෙකක පැටලවිලා ඉන්නේ.ඒ අතර වාරයේ නැවේ තිබුණු දත්ත පද්ධතිය අතුරුදහන් වෙලා.මේ සැක සිද්ධිය සම්බන්ධයෙන් වග කිව යුත්තන් අත්අඩංගුවට ගැනීම අවශ්‍යයි.
එක්ස්ප්‍රස් ප්‍රීඩම් ඩොට් කොම් ඊමේල් මකා දැමුවේ කවුද?එම නිසා මේ සම්බන්ධයෙන් සුදුසු භික්ෂූන් වෝහාරික පරීක්ෂණයක් කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා. නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කරුණු දක්වමින් කියා සිටියේ දත්ත මකා දැමීමට සිය සේවා දායකයින් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.
වි ඩි ආර් යන්ත්‍රය හාබ මාස්ටර් වරයා සතුව තිබූ බවත්,එයට හෙන ගැහුවා යැයි කීම ලංකාවේ වරාය ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීමක් බවත් සඳහන් කළේය. දේශීය නියෝජිත ආයතනයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා කරුණු දක්වමින් වසර තුනක් ගෙවී ඇති මෙම විමර්ශනයක් කඩිනම් කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.
2021 මැයි මස 19 වැනි දින මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන ප්‍රගතිය ඇතුළත් පිටු තුනකින් යුත් වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ආණ්ඩු ලෝකයේ කොහෙවත් නැතුව ඇති .ජනතාව මොනතරම් හඬ නැගුවත් හොරුන්ට ,දූෂිතයන්ට තමා ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා තියෙන්නේ
මේ නෙකෙරෙන වැඩේට කෝදුරු තෙල් පට්ටියයි තව ටිකක් කියන්නේ ඔය මේල් වැල් බයිලාව නේද ? ඉස්සෙල්ල කියහල්ල මෙහෙම නැවක් තිබ්බද මෙහෙ ඇවිත් ගිලුනද කියල
මෙතන මේ දුෂිත් ක්‍රියාවට අනිවාර්යයෙන්ම දේශපාලනය සම්බන්ධයි. අදාළ දේශපාලකයා විශාල මුදලක් යටිමඩි ගසා මේ සියලු කුට කුමන්ත්‍රණ මගින් මේ රටට සිදුකළ මේ මහා විනාශය යට ගහන්න කරන්න පුළුවන් හැම දේම කරලා තියෙනවා. අදාළ දේශපාලකයා හට කිසිම උවමනාවක් ගෑවිලාවත් තිබුනේ නැහැ මේ අපරාධය ගැන නිසි සාධාරණයක් රටට ලබාදෙන්න. ඒ මදිවට ඔය තියෙන මිපා අරවද මේවද ආයතනවල ලොක්කොත් රටට දැනෙන දෙයක් නම් මේ සඳහා කලේ නැහැ. මේක හරි අවාසනාවන්ත රටක් වෙලා.
එන්පීපී ආණ්ඩුවක් නැතුව කොච්චර උඩ පැන්නත් මේ හොයන්න බෑ
අපි කැමැති වුණත්, නැතත් පවතින සහ පැවතුණු කිසිම ආණ්ඩුවකින් මේ පරීක්ෂණ හරියට වෙන්නේ නෑ. මේ කරුණුම ඇති අලුත් පිරිසකට බලය දීලා බලන්න.
නැව් සමාගම බේරා ගැනීමට උදව් කළාට ඩොලර් මිලියන ගණනින් අදාල එකවුන්ට් වලට ගිහින් ඇති. සාක්ෂි හංගන්න උදව්කළ කෙනාට ජාතික කැඳවුම්කරු වගේ තනතුරක් දීලා ඇති. අපි හිත හදාගෙන ඉඳිමු අනේ.. !
ලිපිගොනු කිහිල්ලේ හරි කොතන හරි ගහගෙන ඉන්නවා,වෙලාව එනතුරු , මේ නීතිපති, ගැන විශ්වාස තියන්න කියලද කියන්නෙ ? රටේ දේශපාලනය ගැන තියෙන්නෙ අනවබෝධය පේනවා, විධායකය නීතිපතිගේ ධූර කාලය දික් කරන්න හදන රටක ලිපිගොනු.කිහිල්ලේ ගහගෙන තමයි ඉන්නවෙන්නෙ. මේ දත්ත මකපු බව එදා ඇමතිල කරපු කතාවලින් පෙනුන. අපේ එන් පී පී රජයක් යටතෙ ඔය සේරම අල්ලනවා, නාලකගොඩහේව දැන් සජිත් ළඟ එදා නැවේ පැත්තට කතා කරපු.
තමන්ගෙ රටේ ජනතාවට වස කවන අමනයන්ට මාලිමාව යටතේ පමණයි දඬුවම් ලැබෙන්නේ. මොකද නැවේ.පැත්තට කතා කරල නැවෙන් හානියක් වුණේ නැහැ කියපු නාලක ගොඩහේවා සජිත් ළඟ
මෙම අමන ක්‍රියාවෙන්ම පේනවා අමන නිළධාරින් සහ දේශපලුවන් එකගෙයි කනහැටි රටක ජනතාවකට එරෙහිව.තවත් මේ ක්‍රමය යටතේ මේවා වෙනස් වෙයි කියලා හිතනවද? වහාම වෙනසක් කරමු.
ඔය නැවේ වන්දිය ලැබෙන්නේ නෑ මේ ආත්මෙට. ඉන්දියාවෙන් දාපු නඩුවට වන්දි ලැබුණා ලු නේද? ලංකාව ඉතින් කොමිස් මුදලක් දුන්නාම අම්මාන්, ගෑනිව වුණත් විකුණන්න බලන් ඉන්න ජාතියක් නේ.