(අංජුල මහික වීරරත්න)
එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් රට ජයග්‍රහණය කරා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වන බව කී ජනාධිපතිවරයා රජයේ ඉලක්කය මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම නිමිත්තෙන් "ආර්ථික සංවාදය-IMF සහ ඉන් ඔබ්බට" මැයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පැවැත්වූ සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දෙසුම කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී අද මෙම වැඩසටහන පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබය්යන් සහ ජජබය්යන් වැනි බීරි අලින්ටත් උන්ට කත් අදින එහෙයින්ටත් ඕවා ඇහෙන්නේ නෑ ජනාධිපතිතුමා! එතුමන්ලා සහා තුමීලා ඉන්නේ "උගන්ඩාවේ සගවා ඇති ට්‍රිලියන ගණන් වූ ඩොලර්" මෙරටට ගෙනවුත් ඔවුනට සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමට අවස්තාව දෙන තුරු. සහ මහින්ද මහතා ප්‍රමුඛ රාජපක්ෂවරු සිරගත කරන තුරු.
තොර කොහොමත් බැහැ රට හදන්න
තමනුත් පාර්ලිමෙන්තුවට ඇවිල්ල අවුරුදු 45 වෙනව , මන්ත්‍රි ඇමති අගමැති වෙලා කී අවුරුද්දක් හිටියද , ඔහෙත් කෙරුවෙ ඔය දේමයි , දැන් තමුන් කොලයක් හේතු කරගෙන හොරු 134 පිහිටෙන් රටේ අදිපති . දැන් අපේ අයතින් කෙලසනව , පොලිසිය හමුදාව දාගෙන. කරුනාකරල මිනිසුන්ගෙ චන්ද අයිතිය දීල , මැතිවරනය තියන්න .ජන මතය මොකක්ද කියල බලන්න.
මේ මහත්තයා රජ වුනාම විතරද ඕක සත්‍ය වන්නේ? 2015ට කලින් එම රජයට ඔබ තුමා කොතරම් දොස් පවරුවාද?
මෙයත් අපේ සීය වගේමයි. සුරංගනා කතා කිය කියා ඉන්නව විතරයි. අපිඩ මෙච්චර කල් පර්ලිමෙන්තුවෙ හිටියෙ. අවුරුඩු 40 කට වඩිය හිටිය - තාම කයිාරු ගහනව විතරයි.
එක නම් ඇත්ත. ඉස්සරවෙලාම තමන්ට තමුන් දොස් කියාගන්න තරම් නිහතමානි වෙන්න ඔන. ඔලුව ලොකු කරගත්තොත් මොකුත් කරන්න බෑ. අද වෙනකම් කොහොමත් කරපු මගුලකුත් නෑනෙ.
" නාකි මිනීමරු පිස්සෙකුගේ සිතිවිලි හෙවත් බැංකු හොරෙකුගේ අදෝනාව " නාට්‍යයේ අලුත් පිටපත දැන් දියවන්නාවේ හොරගුහාවේ නාට්‍යශාලාවේ නොහොත් කැබිනට් එකේදී ප්‍රදර්ශනයවේ.සීමිත දර්ශන ගණනක් පමණයි.( චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ඇතුළු හොර බයියන් සිරගතවෙන තෙක් හෝ මහපාරේදී මිනිසුන් අතින් වලකජ්ජ ගහනතෙක් පමණයි )
ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය කෝට්ටේ ප්‍රදේශය ගෙනයාමට රජය තීරණය කර ඇතිබව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේ කරන්නේනම් ජනාධිපති කාර්යාලය වැනි ගොඩනැගිල්ලක් ගෝලීය ආයතනයක head office වසයෙන් ලබාදීමට රජයට කල නොහැකිද ? එවිට මුදල් ලැබීමක් පමණක් නොව ලංකාවට ගෝලීය වසයෙන් විශාල වාසියක් වනු ඇත. ආසියානු කලාපයේ Comprehensive and Progressive Agreement for Trans-Pacific Partnership (CPTPP) හෝ canada, US, Australia, සහ european union, තානාපති සහ මහකොමසාරිස්වරුන් වෙත මේ පිලිබදව යෝජනා කල හොත් ඔවුන් ආසියානු කලාපයම ආවරණය වන ආකාරයට ගෝලීය ආයතනයක head office හෝ අ ලංකාවට ලබාදීමට ඔවුන්ගේ රජයන් වෙත යෝජනා කෙරෙනු ඇත. ආසියානු කලාපය ඉදිරියේදී වේගවත් දියුණුවක් ලබන්නේ නම් මෙවැනි ආයතයක් ආසියානු කලාපයට ලබාගැනීම වැදගත්වනු ඇත The GEF ( global environment facility ) is jointly managed by the United Nations Development Programme (UNDP), the World Bank, and the United Nations Environment Programme (UNEP).