
(සුමිත් පොතුපිටිය)
වසර 24 කට පෙර එක්දරු පියකුගේ හිසට කඩුපොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටී චූදිතයන් දෙදෙනකු වරදකරුවන් කළ කළුතර මහාධිකරණ විනිසුරු තාමර ජයනාත් තෙන්නකෝන් මහතා චූදිතයින්ට අද මරණ දඩුවම නියම කළේය.
බුලත්සිංහල, යටගම්පිටියේ ධම්මික ප්රියදර්ශණ සහ ප්රදීප් පුෂ්පකුමාර යන චූදිතයන් දෙදෙනාට මෙසේ මරණ දඩුවම නියම කෙරිණි.
2002 වර්ෂයේ මැයි මස 29 හෝ ඊට ආසන්න දිනකදී බුලත්සිංහල යටගම්පිටිය ප්රදේශයේදී පෞද්ගලික කෝන්තරයක් මත 20 හැවිරිදි එක්දරු පියකු වූ පී ඩී සරත් නමැත්තාගේ හිසට කඩුපොලු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd