(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය ඇමති විශ්වාස භංගයෙන් පැරදුනොත් ඒ තනතුර ගන්න විපක්ෂයේ කෙනෙක් කෙළ හලාගෙන බලා ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ යටි අරමුණු ක්‍රියාත්මක වන බවද හේරත් මහතා කීය.
ආණ්ඩුව සෞඛ්‍ය අර්බුදයක් නැතැයි කියන්න උත්සාහ කලත් ආණ්ඩුව රටේ සෞඛ්‍ය වට්ටමින් සිටින බව කී මන්ත්‍රීවරයා සෞඛ්‍ය ඇමතිවරයා ම ඊට වගකිව යුතු යැයි තමා කියන්නේ නැතැයි ද මෙය ආණ්ඩුවේම සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහි විශ්වාසභංගයක් බව සඳහන් කළේය.
අද වන විට හිතාමතාම සෞඛ්‍ය පද්ධතිය කඩා වට්ටවනවාද යන බරපතල සැකය ජනතාවට ඇතිවී තිබෙන්නේ යැයි කී මන්ත්‍රීවරයා ජනතාව ආණ්ඩුවේ රෝහල් වලට යාම නතර කළොත් අයි.එම්.එෆ් න්‍යාය පත්‍රයට අනුව පෞද්ගලීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවට අවස්ථාව ලැබෙන බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ දැක්ම ඉහළයි. සමස්ථ ක්‍රියාවලියම කුණුවී ඕජස් ගලන කල එක අංශයක් ගැන කතාකිරීම විහිලුවකි. ඇමතිමාරුවූ පමණිින් විසඳුමක් නැත. ඒ හොරා වෙනුවට බී හොරා ඒම පමණි
තනතුරින් කෙනෙක් ඉවත් වුණා නම් හෝ ඉවත් කළා නම් එතැන තියෙන පුරප්පාඩුවට වෙනත් කෙනෙක් පත්කළ යුතුමයි.
පාර්ලිමේන්තුව ඇතුළත මීටර සියය දුවමින් රනිල් අගමැති රැක ගන්නට ක්‍රියා කළ ඔබත්, ඔබේ නායක අකුදීත් ඒ බෝට්ටුවේම තමයි. ලොක්කා ජනාධිපති කමටත්, ඔබ තවත් ඇමැති තනතුරකටත් කෙළ හලමින් තමයි දේශපාලනය කරන්නේ...!
ඔවුන් එක්කෙනෙක් යනතුරු බලන් ඉන්නවා. ඔබලා ඉන්න කෙනාව එළියට දාලා එයාගේ තැන ගන්නවා. පාස්කු ප්‍රහාරකයාගේ තාත්තාට ලැයිස්තුවෙන් මන්ත්‍රී කමක් දෙන්න ගිය ගොයියොනේ මේ කථා කරන්නේ. පව් නේද?
ඔයාල දන්නා දවසේ ඉඳලම බලය ගන්න කෙළහලනව. මෙතෙක් වෙලා තිබෙන්නෙ කෙළ හැලීම ම පමණයි.
කෙල නම් හලන්නෙ නැහැ, මේ අය දැක්කම සමහරුන්ට බඩ යනව බයට, කවදහරි බලයට ආවොත් හිරේ ඉන්න වෙයි කියල, ඒකයි මෙතනත් අවලාද කියන්නෙ. තමුන්නැහැලා චන්දයක් දීල තියෙනවද මෙතෙක් හරි පැත්තකට? ඒකයි රට මේ තත්ත්වයට පත් උනේ