(අංජුල මහික වීරරත්න)

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී හෙට (29) පැවැත්වේ.

"අනාගතයට පළමු පියවර" යන තේමාවෙන් පැවැත්වෙන මෙම ජාතික  උත්සවයේ ප්‍රධාන ආරාධිතාව වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියයි.

හය වසරට අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දමා තිබෙන අතර සමාජයේ පූර්ණ විශ්වාසයක් ගොඩනැගීමෙන් අනතුරුව එම ප්‍රතිසංස්කරණ ඇරැඹීම රජයේ අරමුණ වී තිබේ.