IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා ගලයි

(සුජිත් හේවාජුලිගේ )

පුද්ගලයන් අයථා ආකාරයට අන්‍ය ආගම්වලට බඳවා ගැනීම  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැඩිව ක්‍රියාත්මක වන හෙයින්  එය නැවැත්වීමට වහාම නීති සම්පාදනය කරන්නැයි  ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකයෝ රැසක්  එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඊයේ (27)ඉල්ලීමක් කළහ.

ඒ කාරණය  සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ පිරිසට කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී,  දිඹුලාගල රාහුල යන හිමිවරු   සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක්ද ඇතුළත් වූහ.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු මැද පළාතේ මහජන අදහස් විමසීම සඳහා   පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පෙරේදා (27) රැස්විය.

එම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ජනතාව එම කමිටුව හමුවේ මෙහිදී  අදහස් දැක්වූහ.

මේ අතර පොළොන්නරුව ජල ගැලුම් නිම්නය වනෝද්‍යානය ඇතුළු රටේ සියලු ජාතික වනෝද්‍යාන ආරක්ෂා විය යුතු බවත් වන සංහාරයට එරෙහිව සියල්ලන්ටම සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්  නිකපිටියේ චන්දිම හිමියෝ පෙන්වා දුන්හ.  

වැලි ජාවාරම්වල නිරත වන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් අයථා  ලෙස මුදල් ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව නිරෝෂණී සුනේත්‍රා කුමාරි මහත්මිය පැවසුවාය.

වැලිමංකඩ බෙදාදීමේදී  ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුදලට යටවීම වැළැක්වීමට පියවර ගත යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

යුධ සමයේදී සිය ගම් බිම් අතහැර ගිය ජනතාව නැවත පදිංචි කරවීමේදී ඉඩම් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවීම සහ වැලිකන්ද වැනි ප්‍රදේශවල ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉඩම් බලතල, තමා අයත් ජන වර්ගයට විශේෂ පක්ෂපාතීත්වයක් සහිතව ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව, විහාරස්ථාන හා කෝවිල් වැනි ආගමික ස්ථානද දැඩි පීඩනයකට පත්ව සිටින බව තවත් පිරිසක් පෙන්වා දුන්හ.

රටේ සෑම දරුවකුටම පොදු අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත්, ඉඩම් නීතිය, පරිසර නීතිය, මාර්ග නීති ආදී නීති සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවත්, වන සංහාරය හා ඉඩම් කොල්ලය මුවාවෙන් සිදුවන ආගමික අන්තවාදය පැතිරීමට ඉඩ නොතැබිය යුතු බවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා  සහ වෙනත් ආගමික නායකයෝ වැඩිදුරටත්  පෙන්වා දුන්හ.

මේ අවස්ථාවට ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝද  එහි   සමාජිකයන්වන මහාචාර්ය  ශාන්ති නන්දන විජේසිංහ, වෛද්‍ය සුජීව පණ්ඩිතරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල  යන මහත්වරු සහ එහි ලේකම් ජීවන්තී සේනානායක මෙනවියද සහභාගී වූහ.



අදහස් (4)

‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා ගලයි

naleen Monday, 28 March 2022 03:04 PM

රටකට නීතියක් හදාගන්න දඟලන දැඟලිල්ලක්...

:       3       26

අතුල Monday, 28 March 2022 04:30 PM

එක රටක් එක වේලක්... සියළුම නීතී කඩපු කෙනා තමයි මේවා කියලා දෙන්න එන්නේ... කිසිම දෙයක් එපා.. මකබෑවිලාම යන්න...

:       3       16

fairoos Monday, 28 March 2022 04:46 PM

රට බංකොළොත් කරලා නීති හදනවා නන්දසේන... දෙමළ ඩයස්පෝරාවෙනුත් හිඟාකන තත්වයට පත්වෙලා...

:       3       15

Don perea Monday, 28 March 2022 07:40 PM

මාර පොරක් ඉන්නේ...!

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site