(සුජිත් හේවාජූලිගේ)
දෙපාර්ශවයම බහුතරය පෙන්වන තුරු තමාට පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වය යැයි කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කතානායකවරයා විසින් අද(05) නිකුත් කෙරුණු නිවේදනයක මෙසේ සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.

(සුජිත් හේවාජූලිගේ)
දෙපාර්ශවයම බහුතරය පෙන්වන තුරු තමාට පිළිගැනීමට සිදුවන්නේ පෙර පැවති තත්ත්වය යැයි කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කතානායකවරයා විසින් අද(05) නිකුත් කෙරුණු නිවේදනයක මෙසේ සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායක තුමා ඉතාමත්ම නිවැරදිය.ඔබතුමාට ජය වේවා.අසාධාරණය වැළලී සාධාරණය දිනේවා.දෙවියෝ රට රකිත්වා !!!
වෙන මොකක් කරන්නද. සාමාන්‍ය විදියට හිටියම ඉවරයි
වෘත්තීයභාවය.......
ගරු කථානායකතුමනි. ප්‍රජාතන්තවාදය වෙනුවෙන් නිර්බයව පෙනී සිටින ඔබට ගෞරවනීය ප්‍රණාමය
නියමිනේ කතා නායක තුමනි, ඔබට මල් මිටක්
කතා නායකතුමා, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ඉෂ්ටකරනවා කියන්නේ බහුතරයක් මහජනයාගේ කැමැත්ත මිස බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත නොව. දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ 2015 ජනතා කැමැත්ත අනුව පත් වුන මන්ත්‍රීවරු.දැන් තත්වය ඊට වඩා වෙනස් 2018දි බහුතරයක් මහජනයාගේ කැමැත්ත ඔබතුමා අස්දෙකෙන්ම දැක්කනේ? මහජනයාට ප්‍රජාතන්ත්‍රවාදය ඉෂ්ටකරන්න අවශ්‍යනම් 2018 මහජන කැමැත්ත අනුව වැඩ කරන්න. ඔබතුමා ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතනවානම් පාර්ලිමේන්තුව විසුරුවාහැර ජනතාවට තම ආණ්ඩුව පත්කරගන්න ඉඩ සැලැස්වීමට කටයුතු කරන්න. එන්න කියන්න රනිල්ටයි, මහින්දටයි අපි මහජනතාව ඉදිරියට. අපි තෝරන්නම් අපිට ඕන ආණ්ඩුව.
අපිත් 2015දි යහපාලනයට ඡන්දෙ දීපු මිනිස්සු. දැන් අපිට යහපාලනය එපා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොව මහජනයාගේ කැමැත්තට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න.
ඉතාමත් හොද තීරණයක්. බහුතරය පෙන්වන කෙනෙකුට අගමැතිකම. සරලයි
ඔබට හිටපු තැනට එන්න කොච්චර දින ගානක් ගියාද
ඔබතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත සහ අයිතිය ගැන සිතන්න. නමුත් ජනාධිපතිතුමා සිතන්නේ මහජනතාවගේ කැමැත්ත සහ අයිතිය ගැන.
බහුතරය පෙන්වන්න 2020 විතර වේවි. ඕක විසුරුවලා පාර්ලිමේන්තුව වහලා දාන්න ඕක තිබුනා කියලා රටටවත් ජනතාවටවත් මෙතුවකට වුන සෙතක් නැහැ
ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා ගත් නැණවත් තීරණයක් කතානායකතුමනි. ඔබ රටට ආදරයක් ඇති කෙනෙක් බව රට වැසියා තේරුම් අරගෙන ඇත .
මම පිළිගන්නෙත් පෙර පැවතී තත්වයම තමා. ඒ වුනාට වැදගත් ජනාධිපති පිළිගන්න විදිහනේ. ඒකනේ මෙතන ප්‍රශ්නේ.
2015 ජනතාවට පොරොන්දු වුණු විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළානම් මේ මුකුත් නැහැනේ? මෙදා සැරේ කවුද රැවටුනේ? ජනතාවද? ඔබතුමාලද?
ඡන්ද කල්දාන වෙලාවේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද දන්නේ නෑ තිබුනේ...?
හීන් බබා බබාම තමයි
ගමේ ඉතුරුවෙලා ඉන්න යුඇන්පී කාරයෝ එකා දෙන්නට ගුටි අන්නන තැනට තල්ලු කරන්න එපා. එජාපය හැමදාම හදන්නේ රටේ ලේ වගුරුවන්නට. මේ හදන්නේ ඒකට. එජාපය පැහැදිලිව දන්නවා තමන්ට ඡන්ද පදනමක් නෑ කියලා. ඒ නිසාම දිගින් දිගටම ඡන්ද කල් දැම්මා. දැන් ජනාධිපතිවරයාත් ආපසු හැරුණු තත්වයක් තුළ සහ මහබැංකු මංකොල්ලය සැබෑවක් බව රටම දන්නා තත්වයක් තුළ ඔවුන්ට ඉතිරිව ඇත්තේ සුළු ජාතික ඡන්ද සහ කැපුවත් කොළපාට ඡන්ද ටික පමණි. එසේ තිබියදී එජාප නායකත්වය නවීන් බෑණනුවන්ට ලබා ගන්නට හැකිවෙයි සිහින මවමින් කතානායක පිස්සු කෙළිමින් සිටියි. මේ හරහා ඇතිවෙන කෝලාහල ජාතිවාදී කොලාහලයක් දක්වා වුවද තල්ලු වී යා හැකිය. එජාපය පසුපස සිටින බළල් අත වන බටහිර රටවල වුවමනාවද මෙයයි. රටේ ඇතිව තිබෙන අර්බුදකාරි තත්වය මැද කාගේ අණ පිළිපැදිය යුතුද කියන ගැටලුවකට මැදිවන ආරක්ෂක අංශ වල්මත් වනු ඇත. මෙය දඩමීමා කරගෙන සුළු ජාති ආරක්ෂා කරන මුවාවෙන් ඉන්දියාවේද ආශිර්වාද මැද බහුජාතික හමුදා ගොඩබැස රට බෙදා වෙන්කර දැමීම අවසන් ප්‍රතිඵලයයි.
රනිල් බහුතරය පෙන්නලද අගමැති උනේ?
බරපතල තත්වයක්. වහාම පාර්ලිමේන්තුව විසිරුවා ජනතා තීරණයට හිස නමන්න.
විධායක කතානායක වරයෙක් වගේ. විධායක ජනාධිපතිගේ තීරණය පිළිගන්න අකමැතියි. මේ එජාප කතානායක පක්ෂය රකින්න ගිහින් බන්ධනාගාරයේ තමයි අවසානයේ නතර වෙන්න වෙන්නේ...
ඔබතුමා ඉතා නිවැරදියි. රටේ සම්පත් හොරකම් කළා මදිකමට දැන් ව්‍යවස්ථාවත් හොරකම් කරන්න පටන් ගත්තා. මෙහෙම ගියොත් ඉදිරියේ මේකට මුල පිරූ ජනාධිපතිගේ තනතුරටත් හානි වෙන්න පුළුවන්....
කතානායක කියන නම මෙයාට ගැලපෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක කියලා වෙනස් කරානම් හරි..
රටේ ප්‍රධානියා ජනාධිපති වුවත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයාය. පාර්ලිමේන්තුව තුල සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙයට නායකත්වය දෙන්නේ කතානායකවරයාය. එය ඔහුගේ වගකීමකි. ප්‍රතිපත්තියක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන නමුත් එහි නියම තේරුමවත් නිවැරදිව නොදන්නා, වචනය වචනයක් සේ තබන්නට බැරි පතෝල නායකයින්ට රටවල් පාලනය කළහැකිද?
මේ ප්‍රශ්නය වැඩිවෙන්ට හේතුව ශ්‍රී ලංකා ලෝයස්ලා සහ එජාප ලෝයස්ලා නිසා. තමුන් කඩේ යන පක්ෂයට හරියන්නට මේ ගොල්ලෝ නීති හදනවා. තවම මේ ප්‍රශ්නයට ස්වාධීන ලෝයස්ලා කිසිකෙනෙක් කතා කෙරුවේ නැහැ. කොහෙද දන්නේ නැහැ සරත් සිල්වා ඉන්නේ? කිසිම කතාවක් නැහැ...
ඉතා හොඳ තීරණයක්... රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මෙතන තියෙන ප්‍රශ්නේ මහින්දද, රනිල් ද කියන එක නෙමෙයි. සිරිසේන කරපු ව්‍යවස්තා විරෝධී කතා... තමයි.
නියමයි කතානායකතුමනි, හරි දේ ඔබ හරි වෙලාවට කරනවා. ජනාධිපතිතුමා ඇහුවලු ඔබතුමාට අගමැති වෙන්න කියලා. නමුත් නායකත්වයට පිටුපාන්න බැරි නිසා ඔබ බැහැ කිව්වලු. ඇත්තද? පලවෙනි පාර කරනකොට කට්ටිය මොකුත් කිව්වේ නැහැ රට ගැන හිතලා. නමුත් දැන් තත්වය වෙනස්. ප්‍රජාතන්ත්‍රය වෙනුවෙන් ඔබ නගන හඬ ඉතාමත් විශිෂ්ටයි.
කථානායක තනතුරේ ගෞරවය කෙලෙසපු රටේ පවතින නීතිය නොතකා තම තනතුරේ වරප්‍රසාද පක්ෂ දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කරපු මේ වගේ මනුස්සයෙක් ලෝක ඉතිහාසයේ වත් නැතිව ඇති.
ශ්රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති විටෙක අග්‍රාමාත්‍යවරයාගේ හා කතානායකවරයාගේ කාර්යන්, නැවත පාර්ලිමේන්තුව ගැසට් නිවේදනයක් මගින් කැඳවන තුරු අත්හිටවෙන්නේය. දැනට කතානායකවරයාගේ තනතුර බල රහිතය.
අපේ රටේ පාර්ලිමේන්තුව ඉතිහාසේ ඉඳන්ම කරපු වැරදී තනතුරු දීම් නිසා තමා මේ වගේ විහිලු අපිට බලන්ට වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ජනාදිපති ඡන්දෙ තියෙන දවසට අගමැති සහ කතානායක තෝරන මනාපෙත් එකම කාර්ඩ් එකට ඇතුල් කරන්න ඕනේ. එතකොට කතානායක, අගමැ ති,ජනාධිපති ස්වාධීන කට්ට්ය වෙනවා.
ගරු කථානායකතුමනි. ප්‍රජාතන්තවාදය වෙනුවෙන් නිර්බයව පෙනී සිටින ඔබට ගෞරවනීය ප්‍රණාමය එහෙත් දැනට පවතින්නේ හා පිළිගන්නේ එජාප අගමැතිවරයෙකුගේ යටතේ පවතින රජයක් නම් මහින්ද පත්කළ ඇමතිවරුන් කෙසේද? අමාත්‍යංශ වල වැඩ කරන්නේ ඔවුන් කොහොමද ඒවයේ නිලදාරීන් මාරු කරන්නේ ඔවුන්ට අවැසි අය ලේකම්වරු ලෙස පත් කරන්නේ ඔබට මේ නැවතීමට බලයක් නැද්ද? නීත්‍යානුකුල නොවන නායකයෙක් යටතේ කෙසේද නීත්‍යානුකුල නොවන ඇමතිවරු ලේකම්වරු පත් වන්නේ ඇයි මේ වැරදී අධිකරණයක් මගින් නිවැරදි කරවන්න කටයුතු නොකරන්නේ මේ සිවිල් ජනතාවට කරන අපරාදයක්
ව්‍යවස්ථාවේ කොතනද තිබෙන්නේ කතානායකට ජනාධිපති විධායක බලය ඉක්මවලා යන්න පුළුවන් බව? කරුණාකර ඒ වගන්තිය පෙන්වන්න. කතානායක සහ පාර්ලිමේන්තුව කියන්නේ දෙකක්. කතානායක ජනාධිපති අභිබවා තමන්ගේ පක්ෂයට වාසිදායක නිවේදන නිකුත් කිරීමත් කතානායක ඇමරිකන් තානාපති හමුවීමත් ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න. මෙතන දේශපාලන භේද නොබලා කතානායක තනතුරට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නියම බලතල දන්නා කෙනෙක් මේ ගැන කියන්න.