
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළි දැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව මෙහිදී කථානායකවරයාට පිළිගැන්වීය.
"කෘතීම බුද්ධිමය (Artificial Intelligence/ AI) යුගයේ මිනිසුන් සහ හැකියාවන්" යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සේ කෘතිම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සාකච්ඡා කර තිබේ.
ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් සදහා පාර්ලිමේන්තු අධ්‍යයන සහ පුහුණු පර්යේෂණ ආයතනයක් පාර්ලිමේන්තුව මගින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද එක්ව සිටියේය.
2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එ.ජා සංවර්ධන වැඩසටහනේ ලංකා නියෝජිත කථානායක හමුවෙයි