(එෆ්.අස්ලම්)
ඌවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නියෝග මත තමන් ස්ථාන මාරු කර යැවීමට සැරසෙන බවට බදුල්ලේ දෙමළ විදුහහලක සියලුම සිංහල ගුරුවරියන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා බදුල්ල කළාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එම විද්‍යාලය වෙත ගොස් විමර්ශනයක් සිදුකිරීමටද පියවර ගෙන තිබේ.
ඌවේ ප්‍රබල දමිළ අමාත්‍යවරයෙකු සිය පළාත් අමාත්‍යංශයේදී දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය කැඳවා මෙම විද්‍යාලයේ ඉංග්‍රීසි හා දෙවන බස සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියන් සිව් දෙනාම විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීම මත වෙනත් පාසල් වෙත ස්ථාන මාරු කර යවන බව ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අදාල පියවර ගන්නා ලෙසට එකී අමාත්‍යවරයා ඌවේ අධ්‍යාපන බලධාරීන්ටද නියෝග කර ඇති අතර මේ පිළිබද සැලවූ එම ගුරුවරියන් මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය
මෙම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය ජාතිවාදී ස්වරූපයෙන් කටයුතු කරන බවත් ඔවුන් විද්‍යාලයේ සේවය කරන සිංහල හා මුස්ලිම් ගුරුවරියන්ට කෙනෙහිලිකම් සිදුකරන බවත් මෙම ගුරුවරියන් චෝදනා කර සිටිති.
මේ සම්බන්ධයෙන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදි සදහන් කර සිටියේ ඒ ආකාරයේ රාජකාරීමය පැමිණිල්ලක් තමන් වෙත ලැබී ඇති බවත් තමන් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල මිනිසුන් කොපමණ සුහදශීලි වුවත්, ගුණවන්ත වුවත්, දෙමළ අය තමන්ගේ ජාතිය සහ ඔවුන්ගේ පැවැත්ම ගැන බොහෝ නුවණින් හිතලා ඉදිරි අනාගතය සැලසුම් කරන ජාතියක්. ඒ අය කපටි ලෙස සිංහල නායකයන් හසුරවන්න දන්නවා. අතීතයේ සිට බැලුවොත් සාක්ෂි එපමණයි. සිංහල නායකයන් ජාතිය ගැන නොසිතා තම පැවත්ම උදෙසා කටයුතු කළ ජාතියක්...
සිංහල වූ අප අනෙකුත් ජාතීන් වෙනුවෙන් කොපමණ දේ කැප කරාද? සිංහ කොඩියට තවත් පාට දැම්ම . විශාල බදු මුදලක් යොදවල පළාත්සභා පටන්ගත්ත. වාහන වල නොම්මර තහඩුවේ ශ්‍රී අකුර නැති කරගත්ත.සිංහලෙන් විතරක් ගායනා කල ජාතික ගීය දෙමළෙනුත් ගායනා කරන්න ඉඩ දුන්න. නමුත් කනක් ඇහිලා ඉන්න නැහැ.
සිංහල පළාත්වල තිබෙන සියලුම පාසල්වල මාධ්‍ය සිංහල භාෂාවට හරවන්න. තව අවුරුදු විස්සකින් විතර භාෂා ප්‍රශ්නේ නිකම්ම විසදේවි.