
(රේඛා තරංගනී ෆොන්සේකා)
විනාඩියක් ඇතුළත යතුරුපැදියක් මස්කළ හැකි බව කියන යතුරුපැදි සොරකමේ යෙදුණ සැකකරුවකු මස් කළ යතුරු පැදියක් සහ ප්ලැටිනම් වර්ගයේ යතුරුපැදියක් සමග අද අලුයම අත්අඩංගුවට ගත්බව මොරටුමුල්ල පොලිසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්ලැටිනම් වර්ගයේ යතුරු පැදියට ද වෙනත් යතුරු පැදියක අංකයත් සවිකොට තිබූ බවට තහවුරු වූ බව පොලිසිය පවසයි.
මෙම සැකකරුට ඕනෑම යතුරුපැදියක් විනාඩියක් ඇතුළත මස් කළ හැකි තරම් දක්ෂතාවයකින් යුතු බව පොලිසිය පැවසීය.
මොහු මීට පෙර ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් සොරාගත් සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබූ සැකකාර අයකු බව ද පොලීසිය පැවසී ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නේ හොරුන්ගෙත් හොරු කම්බා හොරුන්ය. රටේ දේශපාලන ක්ෂේත්‍රයේ කෙරෙනා හා කෙරුණු කෙරුම්වල හැටියට මේවා එතරම් වැඩ නොවෙන බව පෙනේ...
ගිනස් වාර්තාවකට ඉල්ලුම් කරන්න ඉඩදෙන්න.
දැන් ඉතින් මොහුව මස් කරන්න අපිට බාර දෙන්න.