
(නිමල කොඩිතුවක්කු)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව ලබන නමවෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු කියා සිටියේය.
කොරෝනා ව්‍යාප්තියත් සමග බස් කර්මාණ්තය බරපතල අර්බුදයකට මුහුන පා ඇති බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කිසිදු විසදමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ගැමුණු විජේරත්න මහතා කීවේය.
කොරෝනා වයාප්තිය හමුවේ බස් කර්මාණ්තයට රජයෙන් කිසිදු සහනයක් නොලැබුන බවත් බස් සංගම් කළ යෝජනා වලට යහපත් ප්‍රතාචාර නොලැබීමෙන් බස් කර්මාණ්තය බරපතල අනතුරකට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධාවනය වූ පෞද්ගලික බස්රථ 21000 සිට 12000 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා නිසා සිය රට දෙයින් යැපීම තමා එකම විසඳුම.
වැඩ වර්ජනය විතරක් නතර වෙන්න එපා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයෙන්ම අයින් වෙන්න...
මේ බස් ගැමුණු මහතා මේ බස් සංගමයක් පිහිටුවාගෙන කොයි වෙලාවෙත් රජය එක්ක කොක්කක් දාගන්නමයි හදන්නේ... කොහෙද ඉතින් රජයේ වගකිවයුතු අංශ මේවාට දක්වන්නේ බස්ගැමුණු මහතාට වාසි ලැබෙන ප්‍රතිචාරනේ. ඒ නිසා ඔහු තම සංගමය ඉස්සරහට දමා රජයෙන් වාසි ගන්නම තමයි කොයිවෙලේත් මානබලන්නේ. මේක මහා පුදුම විහිළුවක්නේ. බස් මුදලාලිලා කරන්නේ බිස්නස් එකක්... ජනතාවට ආදරයක් නැහැ. පොල් පටවලා වගේ, වව්ලන් එල්ලන් යනවා වගේ ගෙනියන්නේ. මේ ආකාරයට අයුතු ලාභ ලබනවා. ඒවා ගැන කිසිඳු කතා බහක් නැහැ. මේ මීට වඩා පාඩු ලබපු, ලබන ව්‍යාපාරිකයන් සිටිනවා. ඒ අය ලාබ පාඩු තනිවම දරා ගන්නවා. රජයට චෝදනා දාන්නේ නැහැ. මොකෝ මේ බස් මුදලාලිලාගේ සංගම් පමණක් විශේෂ සහන ඉල්ලන්නේ? මෙහෙම මේ ධනවත් මුදලාලිලාට අහිංසක පීඩිත ජනතා බදුමුදලින් කව්රුන් හෝ සහන දෙනවා නම්, එය මහා වරදක්. එසේ කරන අය කරගන්නේ විශාල පාපයක්... බස් මුදලාලිලාට සහන දීම වෙනුවට රටේ අන්ත අසරණ මිනිසුන්ට සහන දීමට රජය සිතට ගැනීම ඉතා වැදගත්... අසරණයන් තමන්ගේම පවට දුක් විඳිනවා මිසක් සංගම් පිහිටුවා රජයට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඒත්, කව්රුත් සිතිය යුතු වන්නේ ඔවුන් ගැනයි. අසරණයන්ට පිහිටවීම බුදු ගුණයක්...
මෙයාලාට ඕනේ සල්ලි විතරයි.
බස් කරමාන්තය කරගෙන යන්න බැරි තත්වයක් තියෙන්නේ. බස් ගාස්තු දෙගුනකින් ඉහළ දැම්මේ නැත්නම් අපි බස් දුවන්නේ නැහැ.
කොරෝනා වලට වඩා වසංගතයක් තමා ගැමුණුගේ මේ බස් කාරයො ටික.... එක්කෝ මේ අයගේ බස් ටික ඔක්කොම ආණ්ඩුවට අරන් ලංගමෙට දාලා දුවන්න ඕන. පාඩු නම් වැඩක් නෑ නේ.
වහාම ලංගමයට බස් ගෙන්වා ලංගමය ශක්තිමත් කරන්න.
කොරෝනා වසංගතය නිසා බස් කර්මාන්තය විතරක් නෙවෙයි, තව කර්මාන්ත විශාල ප්‍රමාණයක් අමාරුවේ වැටුණා. ඒ වගේම මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයටම බලපාපු ප්‍රශ්නයක්. බස් කර්මාන්තයේ නියැලෙන අයට සාධාරණ ප්‍රශ්නයක් තිබෙනවා වගේම හිතන්න මේ ප්‍රශ්නය ඉවරද නැද්ද කියලා. ලෝකයේ සමහර රටවල මේ වෙලාවේ අලුත් රැල්ලක් පැතිරෙනවා. බ්‍රැන්ඩික්ස් හෝ කාගේ හෝ වැරැද්දෙන් ලංකාවටත් නැවත ප්‍රශ්නය මතුවෙලා. ඒ නිසා මේ වෙලාවේ ස්ට්‍රයික් කරලා ශයිලොක්ලා වගේ මස් රාත්තල හොයන්නේ නැතුව ප්‍රශ්නයට අලුත් විසඳුම් හිතන්න. අනික මගීන් සිය කැමැත්තෙන් වැඩිය ඇවිදින්නේ නැත්නම් මොන ආණ්ඩුව ආවත් බලෙන් බස්වලට නග්ගන්න බැහැ.
එතකොට පොල් පටවලා යන දවසට ගාන අඩු වෙනවද.? අනික දුවන්න බැරිනම් බස් ගෙදර තියාගෙන ඉන්න.
ඔහොම වෙලා මදි.
පුද්ගලික බස් නැතිතරමටම තමයි හොඳ.
සර්ට කියන්න, වියතුන්ගෙන් වියත් විසඳුමක් ලැබෙයි.
වර්ජනයට පෙර දෙසැරයක් හිතා බලන්න. මොකද දැන් ජනාධිපති සිරිසේන නොවේ.
රටේ ප්‍රවාහන පද්ධතියට අදාල කිසිඳු නීතියක් නොතකන ටිකට්, ඉතුරු රුපියල, දෙක නොදෙන සත පනහට මිනීමරන රාත්‍රී 7 න් පසු බස්නැති මේ අළුගෝසු ගැමුණු මාෆියාව පැරදවිය යුතුමයි. නොහික්මුණු ලෙසින් වර්ජනය කළොත් සියලුම බස් රථ රජයට පවරාගෙන ධාවනය කළ යුතුයි.
කොරෝනා මුලු ලෝකයටම බලපාන දෙයක්.. ඒ නිසා හැම බිස්නස් එකක්ම පාඩු ලබනවා. බස් කර්මාන්තය විතරක් වෙනමම සහන දෙන්නේ ඇයි? පුළුවන් නම් දවස් 5ක් ස්ට්‍රයික් කරලා පෙන්නන්න.