
(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් 2026 වසරේ ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවය පැවසුවාය.
අවුරුදු හැත්ත පහක් පුරා දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය ඉවත් කර ඇති බව කී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය තවදුරටත් ඒ ජනතා විරෝධී දූෂිණ, අපරාධවලට රැකවරණයක් නොමැති වීම නිසා පටන් ගන්නවිටම ඒකෙන් බය වුණ, අවුල් වුණ පිරිසක් රාජ්‍ය සේවය තුළ, ආරක්ෂක සේවය තුළ, මේ සියල්ලම දේශපාලන ආශිර්වාදය එක්ක පවත්වාගෙන ගිය බව ද සදහන් කළාය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව, හුංගම, තංගල්ල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළ අසමත් ළමයින්ට ඔය වගේ දිරි ගැන්වීමේ වැඩ සටහන් අසන්නට ලැබුණ පළමු වාරය වෙන්න ඇති.
කොතන ගියත් එකම කතාව තමයි.
අනේ නෝනේ අපේ රටේ සරසවි ඇතුලේ පසුගිය කාලය පුරාවටම කඩාකප්පල් වැඩ කලේ කවුද කියල කවුරුත් දන්නවා . ඔහෙලා වචන 10 ක් කතාකලොත් ඉන් 9ක්ම අවුරුදු 76 ක් සාපයක් ගැන මන්තරේ මතුරනවා . ඔලුවක් තියෙන ඕන එකෙක් දන්නවා 1948 ඉඳල අපේ රටේ දියුණුවක් තිනුන්ද නැතිද කියල . වෙනකක් තියා ඔහෙලගෙ නායක මට්ටමේ උන්ගේ ගෙවල් වලත් තිබුනේ වල කක්කුස්සි . දැන් තියෙන්නේ කොමෝඩ්. උන් ඉස්කෝලේ ගියේ පන් මලු අරගෙන උනාට අද දුප්පත්ම පවුලක ළමයත් සපත්තු දාල පාසල් යනවා . ඔහෙලට මේක කරන්න බැරි නිසා තමයි අදටත් සමාජ වෛරයම වපුරනවා හැරෙන්නට වෙන දෙයක් කියන්න බැරිවෙලා තියෙන්නේ .
ඉස්සරත් තිබුණා. පාර්ලිමේන්තුවට ගන්න එක තමයි වැඩපිළිවෙල. තව සාමාන්‍ය පෙළ නැතිව නේවි එකට ඔෆිසර් විදිහට ගන්න එකකුත් තිබුණා
IDR Tharanga අනේ සමාවන්න මට වැරදුනා දියුණුව කියන්නේ හොර උපාධි පෙන්නලා පාර්ලිමේන්තු ඒමට ඉඩ ලබාදීම. ගල් පැලෙන බොරු කියමින් සමාජ වෛර වැපිරවීම. කියන ඔනෑම බොරුවක් ඇත්ත කියල පිළිගන්න ලෑස්ති හරකුන්ගේ ව්‍යාප්තිය වැඩි කිරීම වගේ දේවල් නේද?
පුදුම හරක් ඉන්න රටක් මේක. මොකද කියන දේ තේරුම් ගන්න බැරි ප්‍රශ්න තිබෙනවා...
ආණ්ඩුව ඡන්ද රැස්වීම් වල බෙරිහන් දුන්නු විදියට ඒ කාලේ අපි හිතුවේ මාලිමාවේ සැලසුම් ගැන එකෙක් කට උල්කරගෙන දෙසාපු හැටියට අපේ ගෙදර ටොයිලට් එකටත් සැලසුම් ඇති කියල මම හිතුවා, එත් ආණ්ඩුව පත්වුණා දවසේ ඉන්දල පෙන්නුවේ ඔය කියන සැලසුම් තිබිලා තියෙන්නේ ඡන්ද වේදිකාවේ කළ කතා වල විතරය කියලා ඒවා හුලන්ගේ ගහගෙන ගොහින්. ඉතින් දැන් ආපහු ඡන්ද රැස්වීම් වල දෙසනවා අපි ලබන අවුරුද්දේ සැලසුම් හදනවා කියල. කාවද මේ රවටන්නේ?