IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උසාවියේ වැරදිකරුවන් පාර්ලිමේන්තු ආ රටක උපාධිය ප්‍රශ්න කිරීම සතුටුයි

(අංජුල මහික වීරරත්න)

අධිකරණය තීන්දුවකින් වැරදිකරු වූ අය පවා පාර්ලිමේන්තු යැවූ දේශපාලන සංස්කෘතියක් තිබූ රටක මන්ත්‍රීවරුන්ගේ උපාධිය ප්‍රශ්න කරන තරමට පුරවැසි මනස දියුණු වීම ගැන සතුටු වන බව අලුත් පියාපත් සංවිධානය පවසයි. 

මාස කිහිපයකට පෙර අප පසු කර පැමිණියේ කල් ඉකුත් වු බෙහෙත් ගෙන්වූ දේශපාලකයින් රජ කළ දේශපාලන ක්‍රමයක් පැවති රටක් බව අමතක කළ යුතු නැතැයි ද  අලුත් පියාපත් සංවිධානය කියයි.

පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර ජනතාව සමග සම්මුතියකින් කටයුතු කිරීමේ ආණ්ඩුවේ ප්‍රවේශය ඉතා අගය කර සිටින බව කී අලුත් පියාපත් සංවිධානය පාර්ලිමේන්තුවේ  බහුතර බලයක් තිබියදීත්  අසෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව තම සංවිධානය ප්‍රසාදය පළ කරන්නේ යැයිද කියයි.

මින් ඉදිරියට සියළු මහජන නියෝජිතයින්ට ජනතාව ඉදිරියේ සිය අවංකභාවට පෙන්වීමට සිදුවන බවද එම සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම මාධ්‍ය හමුව සදහා අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන නිර්මාණ වීරසිංහ, සුපුන් විජේරත්න, ඉර්ශාඩ් නියාස් මහත්වරු සහභාගී වූහ.



අදහස් (6)

උසාවියේ වැරදිකරුවන් පාර්ලිමේන්තු ආ රටක උපාධිය ප්‍රශ්න කිරීම සතුටුයි

පම්පෝරි ජනක Saturday, 14 December 2024 05:55 PM

විශේෂ වෙනසක් නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ, ආපහු රට බේරාගන්න අප්පච්චිගේ (හරි කජු ආතාගේ) දෑත් ශක්තිමත් කරන්න කියලා ඉල්ලුවාම හැම ගමකම ඉන්න මදාවියෝ/හොරු/කප්පන් කාරයෝ ටිකව ආපහු සිලින්ඩර් බයියෝ ටික එකතුවෙලා පාර්ලිමේන්තු එවන හැටි බලාගන්න පුළුවන්...!

:       40       45

GAMA VARESE Saturday, 14 December 2024 06:40 PM

පම්පෝරි ජනක (තමන්ගේම නමින්වත් පෙනීසිටින්නට කොන්ද පණ නැති) දැනටමත් ලොකු ලොකු අයියලාට ඇපදීගෙන යන්නේ ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔය කියපු දේවල් කොහාටද කර කැවෙන්නේ කියලා.

:       21       51

ගුණරත්න Saturday, 14 December 2024 07:04 PM

හරි මෝඩ කතාවක් ඒක. ඒක තේරෙන්නේ නැත්තේ මුන්දැලාත් වහල්ලු තමයි...

:       7       46

Asitha Saturday, 14 December 2024 08:02 PM

අලුත් පියාපත් කියන්නේ අර ඒ කාලේ කිව්වේ අධ්‍යාපනේ කියන්නේ පියාපත් කියලා. ඒ විදියට හොර උපාධිද අලුත් පියාපත් කියන්නේ? ඊයා හැබැයි.

:       3       1

Janitha Saturday, 14 December 2024 10:09 PM

මෙයා කවුද?

:       2       2

karolis Saturday, 14 December 2024 10:31 PM

ලෝකේ අවංකම ආණ්ඩුව කියලා ඇවිත් මාට්ටු වුණාම පරණ ආණ්ඩු වල වැරැදි අදින එක ගලේ පහරපු බළලගේ ප්‍රතිචාරය වගේ. විශ්වවිද්‍යාලවල හිටපු ජවිපෙ කට්ටිය ඉගෙන ගත්තේ නෑ. උද්ඝෝෂණ කරමින් නවක වදය දෙමින් ජනතා මුදල් නාස්ති කරමින් රට ආපස්සට ඇදපු ඒ කට්ටිය තමයි උගත්තු කියලා රටට බොරු කියලා ආණ්ඩුව හැදුවේ. ඒ ආපු සෙට් එකේ වැඩි හරිය එක්කෝ උපාධි සම්පූර්ණ නෑ, නැත්තන් හිටපු කතානායක වගේ බොරුකාරයෝ...!

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site