
(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රී ලංකාව තුළ භූගත ජලය සීග්‍රයෙන් පහළ බැසීමේ අවදානමක් පවතින නිසා වැසි ජලය නැවත මහපොළොව තුළට ප්‍රතිපෝෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව මෙරට ජල භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ලෝකයේ පුරාම මේ තත්ත්වය පවතින බව ලෝක ජල භූ විද්‍යාඥයන් හඳුනාගෙන ඇත. එම නිසා මෙවර ලෝක ජල දිනය භූගත ජලය විනිවිද භාවයකින් පෙන්නුම් කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙරට පවතින භූගත ජලය හිගවීම නිසා අනාගතයේ දී ජලය ලබා ගැනීම සඳහා ද පෝලීන් යුගයකට ගමන් කිරීම නවතා ගැනීම සඳහා පාසල් දරුවන්ගේ සිට වර්තමාන සියලුම දෙනා අහසින් වැටෙන ජලය අඩුමඩුම තරමින් සියයට දහයක් හෝ මහපොළොව තුළ නැවත ප්‍රති පෝෂණය කිරීම සිදු කළ යුතු බව ජල භූ විද්‍යාඥ උපුල් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අනුබද්ධ භූ ගත ජල අංශයේ වයඹ පළාත් ප්‍රධාන කාර්යාලයේ වාරියපොල භූගත ජල අංශයට පාසල් දරුවන් කැදවා මෙහි පවතින අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ වැඩසටහනක් ආරම්භ කර ඇත.
අහසින් පොළොවට මෙන්ම තම නිවෙස්වල වහලය මතට පතිත වන ජලය ඉතා සරල ක්‍රම ඔස්සේ අනාගතය වෙනුවෙන් මහ පොළොව යට ප්‍රතිපෝෂණය කරන අයුරු ජල භූ විද්‍යාඥයන් විසින් දරුවන්ට ප්‍රායෝගිකව සිදු කරන ආකාරය කියාදීම සිදු කරන ලදී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු ආණ්ඩුව බලයට පත් වුණුදා පටන් වෙන කවරදාටත් වඩා නැතුව ඉතාමත්ම බලවත් විදියට වැසි වනාන්තර විනාශයට පත් කළා. මේ විනාශයට සම්පූර්ණ වගකීම ජනාධිපති බාරගත යුතුයි...
තව කැලෑ කපමු. කඳුකර වනපෙතම විනාශ කර ගෙවල් හදමු. පොළව වසාගෙන කොන්ක්‍රීට් කරමු. කොටින්ම ජලය පොළවට උරාගන්න තියෙන සියලුම මං පෙත් වහලා අපි දියුණු වෙමු.
ඉස්සර අපේ ගම්වල මිනිස්සු තම ඉඩම්වල කාණු කැපුවා. වහිනකොට සෝදාපාලුව අඩුවෙලා වතුර පොළවට උරාගෙන හැමදාම උල්පත්වල වතුර තිබුණා. දැන් ලංකාවේ ගම්වල ඉන්නේ කම්මැලි මිනිස්සු.
අප රටේ අනාගතය බාර ගැනීමට සිටින අප දූ දරුවන් යථාවබෝධය ලබාදීම ඉතා වැදගත්... එහෙත් ඊට පෙර රටේ කඳුකරයේත්, අතන මෙතන හැමතැනමත් කොන්ක්‍රීට් වනාත්තර වැනි ඇවිදින මංතීරු ඉදිකරමින් රට කොන්ක්‍රීට් වනාන්තරයක් කිරීමට කටයුතු කරන දේශපාලකයින්ට යථාවබෝධය ලබාදීම අතිශය වැදගත්.
අපේ වත්තට වැටෙන එක වැහි බිංදුවක්වත් වත්තෙන් එළියට යන්නේ නැතිව පොළවට උරාගන්න ගැඹුරු කාණු කපලයි තියෙන්නේ... හැමතැනම කැලේ එළිකරලා ගෙවල්, පාරවල් හදන නිසා වැහිවතුර පොළවට උරාගන්න ලැබෙන්නේ නෑ...!
රට සශ්‍රීක වෙන්න පාලකයින් යහපත් වෙන්න ඕනේ. බුදු බණ හරියට අහලා පිළිපදින පාලකයින් බිහිවෙන්න ඕනේ ඉදිරි අනාගතයේදී... රටේ සම්පත් විකුණන කොට මහපොළවත් කම්පා වෙනවා. මේ ශ්‍රී ලංකා ද්වීපය දසරාජ ධර්මයෙන් පාලනය කරන පාලකයින් ඉදිරි අනාගතයේදී බිහිවුණොත්, ලෝකයේ කොහාට නරක කාලයක් උදා වුණත් අපිට එහෙම වෙන්නෑ...!
අප විසින් කරනු ලබන අඥාන, කෙටි කාලීන වාසි සහ ශෝබන වැඩ නිසයි මෙසේ වෙන්නේ. වහලට වැටෙන වතුර පමණක් නොවෙයි, පොළව කොන්ක්‍රීට් හෝ ගල් අල්ලලා වැටෙන වතුර ටික තමන්ගේ පොළවෙන් එළියට හෝ පාරට යවනවා. අන්තිමේදී තම ගෙබිම සහ වත්තෙන් එක වර්ග මීටරයක වැහි වතුරවත් පොළවට උරා ගන්නේ නැහැ. හයියෙන් වහිනවිට සෑම ගෙවත්තකම වතුර මහ මගට ගලා ගොස් එහි ධාරිතාවය ප්‍රමාණවත් නොවී මාර්ගය ජලයෙන් යට වැවෙනවා. තමන්ගේ ඉඩමට වැටෙන වතුර ටික තම පොළවේම උරාගන්නා විධියට සකස් කළානම් තමන්ගේ පොළවේත් තෙතමනය රැඳෙනවා. පායනකොට දිවා කාලයේදී රස්නයත් අඩුවෙනවා. දිය උල්පත්ද පෝෂණය වෙනවා. තකතීරු මිනිසුන් ලොකු තැන්වලට දැම්මට ඒ ගොල්ලන්ට මේවායේ වගක් නැහැ. තේරුමකුත් නැහැ...
ඇයි අර රත්නපුරයේදී වනාන්තරයක් ලොරිවල පටවලා යැව්වේ...? ලෝක පරිසර දිනයේදී... එතකොට දන්නේ නැද්ද දෙවැනියට වෙන්නේ ජල උල්පත් හිඳෙන එක කියලා...? මහලොකු උගත්තු... සාමාන්‍ය මිනිස්සුන්ට බයිලා කියන්න නම් එනවා. පාලනයේ ඉන්න කාලකණ්ණි කරන සාහසික අපරාධ නවත්වන්න කවුරුවත් නැහැ.