
(අංජුල මහික වීරරත්න)
ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20කට ඉඩම් අයිතිය හිමි වන බව කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ අද (5)පැවති උත්සවය අමතමිනි.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 5ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 3ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපතිවරයා කීය.
ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“උරුමයෙන්’’ තවත් ලක්ෂ 20කට ඉඩම්
PGPTHILAK Friday, 05 July 2024 09:07 PM
දැන් තිබෙන ස්වර්ණ භූමි,ජය භූමි ආදී ඔප්පු සින්නක්කර ඔප්පු කරන්නට මිනිස්සු රස්තියාදු කරවමින් අනවශ්‍ය හිරිහැර කරන්නේ මොකටද? ජනාධිපති විදියට නිවේදනයක් නිකුත් කළා නම් ඉවරයිනේ සියළු ඔප්පු අද සිට සින්නක්කර ඔප්පු කියලා! එක වලංගු නැත්නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවනන් ඉවරයි නේද!! රටේම මිනිස්සු රස්තියාදු කරවමින් ජාතික ධනය අපතේ යවමින් කරන ඡන්ද මංකොල්ල කන දට්ටු දෙකේ දේසපාලුවන් රට බංකොලොත් කරලා රට නැත්තටම නැතිකර දැමීම දැන්පවත්තපල්ලා!!!
sudath Saturday, 06 July 2024 10:27 AM
තිලක් මහතා මතකද ඒ දවස්වල රතු තරුව කියලා ලේබලයක් අලවාගෙන මිනිස්සුන්ට ආධාර බෙදුවා. ඒකත් ඡන්ද කැම්පේන් එකක් තමයි මහත්තයෝ. නැතිනම් නිකන්ම මිනිස්සුන්ට ආධාර බෙදාදෙන්න තිබුණානේ. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා. නමුත් හැමදෙනාටම පෙනෙන්නේ අනුන්ගේ කිල්ලෝට විතරයි. කවුරු කළත් හොඳ වැඩේට හොඳයි කියන්න බැරි කුහක හිත් ඇති අයටයි.
Rata Perata Saturday, 06 July 2024 12:43 PM
අපේ රටේ ඉඩම් ජනතාවට තමයි අයිති. මෙයා මේක දන්නේ හරියට අම්මා, තාත්තාගේ බූදලය බෙදනවා වගේනේ. ඡන්දයක් කටේ තියාගෙන මෙයා කරන වැඩේ සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනෑ. ඡන්දයෙන් පස්සේ මේවාට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.
විජිත් Saturday, 06 July 2024 04:28 PM
ඔබ හරි. මේ මොහොතේත් මැතිවරණ නිතිය බලපවත්වෙනවා... මොකද පසුගිය පලාත්පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කොට නමුත් ඡන්දය තවමත් නොපැවැත්වූ නිසා. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ මැතිවරණ කොමිසම ප්‍රකාශයක් නිකුත් කළා. කොහොම වුණත් මේ අය අනිවාර්යයෙන්ම හිරේ යනවා !!!