
(අංජුල මහික වීරරත්න)
ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20කට ඉඩම් අයිතිය හිමි වන බව කීය.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ අද (5)පැවති උත්සවය අමතමිනි.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 5ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 3ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපතිවරයා කීය.
ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තිබෙන ස්වර්ණ භූමි,ජය භූමි ආදී ඔප්පු සින්නක්කර ඔප්පු කරන්නට මිනිස්සු රස්තියාදු කරවමින් අනවශ්‍ය හිරිහැර කරන්නේ මොකටද? ජනාධිපති විදියට නිවේදනයක් නිකුත් කළා නම් ඉවරයිනේ සියළු ඔප්පු අද සිට සින්නක්කර ඔප්පු කියලා! එක වලංගු නැත්නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවනන් ඉවරයි නේද!! රටේම මිනිස්සු රස්තියාදු කරවමින් ජාතික ධනය අපතේ යවමින් කරන ඡන්ද මංකොල්ල කන දට්ටු දෙකේ දේසපාලුවන් රට බංකොලොත් කරලා රට නැත්තටම නැතිකර දැමීම දැන්පවත්තපල්ලා!!!
තිලක් මහතා මතකද ඒ දවස්වල රතු තරුව කියලා ලේබලයක් අලවාගෙන මිනිස්සුන්ට ආධාර බෙදුවා. ඒකත් ඡන්ද කැම්පේන් එකක් තමයි මහත්තයෝ. නැතිනම් නිකන්ම මිනිස්සුන්ට ආධාර බෙදාදෙන්න තිබුණානේ. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා. නමුත් හැමදෙනාටම පෙනෙන්නේ අනුන්ගේ කිල්ලෝට විතරයි. කවුරු කළත් හොඳ වැඩේට හොඳයි කියන්න බැරි කුහක හිත් ඇති අයටයි.
අපේ රටේ ඉඩම් ජනතාවට තමයි අයිති. මෙයා මේක දන්නේ හරියට අම්මා, තාත්තාගේ බූදලය බෙදනවා වගේනේ. ඡන්දයක් කටේ තියාගෙන මෙයා කරන වැඩේ සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනෑ. ඡන්දයෙන් පස්සේ මේවාට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.