
(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික උරුමයන් සමඟ බැඳුණු සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කතරගම දී පැවසීය.
ජාතියේ සංවර්ධන මාවත තෝරාගත යුත්තේ එම ඓතිහාසික උරුමය සමග බව ද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ වාර්ෂික ඇසළ මංගල්‍ය අමතමිනි.
ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනතුරුව, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති, කොබවක ධම්මින්ද නා හිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමටද එක් වූ ජනාධිතිවරයා මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවටද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ නිරාගමිකයන්ට ගිය කලක්. උරුමය කෙසේ වෙතත් ජනතාවට අනාරක්ෂාවේ සහ සාගතයේ කරුමය නම් උදාවෙලා තියෙනවා.
අපි වගේ අය 76 වසරක අයිතිහාසික උරුමයන් සමග බැඳුණු සබඳතාවන් කරේ තියාගෙන තාමත් රටකාපු උනහපුළුවන්ට කඩේ යනවා. එහෙම නැතිව සමාජයක් ලෙස වළපල්ලටම යා නොහැකියි..
මෙයත් අරගොල්ලන් වගේම උරුමය කරුමයක් කරගෙන ගානට ජාම බේරාගන්නවා. බොරුවෙන් ලොව රවටන්න තමා... රවටා ගනී කිව්වනේ. කියපු සිස්ටම් චේන්ජ් නම් දකින්නවත් නැහැ. පරණ සිස්ටම් එකම අලුතින් තීන්ත ගානවා ඇරෙන්න...