
(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ ඖෂධවේදී තනතුර සඳහාවන අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවට උපාධිධාරීන් 142 දෙනෙකු බඳවා ගැනීමේ ලිපි ප්රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා ජනතා හිතකාමීභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම උපාධිධාරීන් අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා බඳවා ගැනීම සිදු කෙරේ.
තෘතීයික හා ද්විතීයික රෝහල් මෙන්ම තෝරාගත් මූලික රෝහල් කිහිපයක මෙම අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාව මාස හයක කාලයක් පැවැත්වීමට නියමිතය. වෘත්තීය දැනුම, කුසලතා හා ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම තුළින් අනාගත සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වෘත්තීයමය ඖෂධවේදීන් පිරිසක් බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd