කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවේ නිරත වී සිටින ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මුණ ගැසීමට ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (30) පැමිණියේය.
එහිදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සමඟ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගුණ්ඩු...
ඡන්ද ගුණ්ඩුවක් පමණයි.
අනේ මන්දා අපේ මිනිසුන්ගේ හිතේ මොනවද තියෙන්නේ මොනවද කියලා...?
මොකද මේ පොලිස් නිලධාරින් දැම්මම සැලියුට් ගහන්නේ ? අපි නොදන්නා දෙයක් ඒගොල්ලෝ දන්නවාද ? අපටනම් දැනගන්නට ඇත්තේ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වීමත් සමඟම ජනපති සටන වෙනත් මුහුණුවරක් ගෙන ඇති බවයි. ඒවගේම දැන් සමහරු අහන ප්‍රශ්නය වෙලා තියෙන්නේ "සජිත්ද ගෝඨාභයද වැඩිය හොඳ කියන එකට වඩා රටේ ආරක්ෂාව බාර දිය යුත්තේ වසර 27 කට පෙර හමුදාවෙන් පලා ගිය පපුවේ අමාරුවකින් පෙලෙන කර්නල් කෙනෙකුටද නැත්නම් පසුගිය මාසයේ හමුදාපති ලෙස විශ්‍රාමගිය ජෙනරාල් කෙනෙකුටද?" කියන එක බවයි පෙනෙන්නේ. ජනාධිපති පොහොට්ටුව එක්කනම් සන්ධාන ගත වෙන්නට බැරි බව කීවාට පසු දැන් නිමල් සිරිපාල ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු "පක්ෂය මොන තීරණයක් ගත්තත් අපිනම් පොහොට්ටුවට" කියා කියනවාලු. ජනාධිපති "'අද මහින්ද විපක්ෂ නායක ධූරයේත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේත් ඉන්නේ අපේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන්'" යැයි කීවිට පසුගිය කාලයේ දූෂිතයින්ට දඬුවම් දෙන්න බැරිවුනේ මොකද කියා පැහැදිලි වුණු බවත් සමහරු කියනවා.
දුන්නද? හරිද?
අපේක්ෂක පට්ටම හම්බෙන්නම ඕනෑ වුණා. ඔතැනට ඇවිල්ලා ඒ මිනිස්සු එක්ක කතා කරන්නවත්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු..
ඇයි මැරෙනකම් පෙන්ෂන් දෙනවා කියලා රනිල් මැතිඳු පොරොන්දු උනානේ දැන් සති 2ට ඉස්සෙල්ලා. කොටුව ස්ටේශම ඉදිරිපිට උපවාස කරන මේ අය හවසට ජෝගි දානවා කියලා ඒ පැත්තේ අය කියනවා නේද?
ඉල්ලන හැමදෙයම දෙන්න ඕනෙමයි කියලා නීතියක් මේ රටේ තියෙනවද? ඔය ඉල්ලන දේවල් දෙන්නේ කාගෙවත් සාක්කුවෙන් නොවෙයි. මහජන බදු මුදලින්. ඔය රණවිරුවොත් එම සීමාව දැනගන්න ඕනේ. රණවිරුවන්ගෙන් යැපෙන්නන්ට මොකුත් ජීවනෝපායක් ඉල්ලුවා නම් මීට වඩා නම්බුකාරයි නේද?
අන්ත අසාධාරණ ඉල්ලීම්. මෙහෙම ගියොත් රාජ්‍ය සේවකයන් සියලු දෙනාම දිවි ඇති තෙක් ගෙදර ඉන්න අයටත් පඩි ගෙවන්න කියලා ඉල්ලීම් කරනු ඇත. කඩු පොලු කණ්ඩායමක් අවශ්‍ය කර තිබේ.
සිසිර නිකන් අන්තවාදී කතා කියන්න එපා.මේ වනතෙක් ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන්න ඔය රජයේ කියන අය එක්කෙනෙක් ආවද? ඔයත් එහෙම හැගීම් වලට අයත් කෙනෙක් බව පෙනී යනවා.
කමල් දන්නේ නැතුව ඇති මේ රණවිරුවෝ නිසා තමන් ජීවත් වෙනවා කියලා. ඔවුන්ට දිවි ඇති තෙක් නෙමෙයි. උන්ගේ ළමයි දිවි ඇති තෙක් වුණත් වැටුප් දුන්නාට පව් නැහැ. පින් පඩි ගන්න රජයේ ඔවුන්ට වඩා මේ මිනිස්සු මොනතරම් සාධාරණද? 4.00 වෙනකම් බලන් ඉන්නවා ගෙදර යන්න 3.30 ඉඳන්. මේ ටික දවස් 10-12 එකම ඇඳුම ඇඳගෙන හිටියේ පිස්සු නිසා නෙමෙයි. මේක අපේ රට නිසාය... රට ගැන හිතලා. ගෙවල්වල උන් ගැනවත් නොහිතා කමල් වගේ හැත්තක් ඉන්නා නිසා තමයි. අවුරුදු 71ක් තිස්සේ අපි දුක් විඳින්නේ. රට ගැන ආදරයක්, කැක්කුමක් නැහැ. දාලා ඉන්න පාට කණ්නාඩි ගලවලා පියවි සිහියෙන් රට දිහා බලපල්ලා අපිට අපේ රටයි ඕනේ... හොරු නෙමෙයි. ලංකාව, සිංගප්පූරුවක් කරන්න අපිට පුළුවන්. මේ කාලකන්නි දූෂිතයින්ව එළවලා දාලා නීතිගරුක සමාජයක් හැදුවාම...
මීළඟ නැවතුම භීෂණ සමයේ අතුරුදන් වූ අයගේ පවුල් මුණ ගැසීමටයි.
අවුරුදු 55න් පසුව ඔවුන්ටත් අනෙකුත් රජයේ සේවකයින්ට මෙන් විශ්‍රාම වැටුපක් ලැබෙනවා. එ්ත් මොවුන් මේ ඉල්ලන්නේ දැන් ලැබෙන සම්පූර්ණ වැටුපම ලබාදෙන්න කියන එක නේද? එහෙම ක්‍රමවේදයක් ලෝකේ තියනවාද? මොවුන් මේ කරන ඉල්ලීම සාධාරණද..?
මම නම් හිතන්නේ ආබාදිත රණ විරුවන්ට ජීවිත කාලයටම වැටුප දිය යුතුයි. හා ඔවුන්ගෙන් යැපෙන අයට රැකියාවක් හෝ විශ්‍රාම වැටුප දිය යුතුයි, වයස 18 ට අඩු ළමයින්ටත්
යුද්ධය අවසන් වීමත් සමග 2009 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලංකාවට ආ වේලාවේ ද්විපාර්ශවික ගිවිසුමක් අත්සන් කරමින් රටේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ සලසමින් රණවිරුවන් ජාත්‍යන්තරයට පවා දුන් මහින්ද රාජපක්ෂ ඊළඟට සිදු කළේ විමල් වීරවංශ ලවා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඩෙඟා නැටීමය. DIG පතිරණ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට පහර දෙමින් නීතිය නැමීම නොව කෝවේ දමා මකවන විට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ "අයිසේ තමුසෙට කවුද ඔතෙන්ට යන්න කිව්වේ, වහාම ඔතනින් යනවා" යැයි කියා DIG පතිරණට ඇමතූ හැටි අපට අමතක නැත. ඒ ගෝඨා නීතිය කෝවේ දමා මැකවූ හැටිය. කූඩාරමක් අටවා එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට වැටී ලෙමන් පෆ් කමින් මාරාන්තික උපවාසයක් ඇරඹූ විමලේට තැඹිලි වතුර පොවා පණ දුන්නේ මහින්දය. රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්නට පාර කැපූ මහින්ද ඒ ගිවිසුම සමාජ කථිකාවක් වීම වළක්වා ගත්තේ මෙකී නාටකය රඟ දැක්වීමෙනි. එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් කිසිදු විපක්ෂ බලවේගයකට මෙහි සත්‍ය තත්වය සමාජගත කරන්නට නොහැකි විය. ඒ එදාය. තව තවත් අවර කෙළි ඕනෑ තරම්ය.
තාත්තා වගේමයි.