(යොහාන් භාසුර)
පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
සියලුම ආනයනකරුවන්, සාදන්නන්, නිෂ්පාදකයන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ඇසුරුම්කරුවන්, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිකරන්නන් සහ වෙළෙන්දන් පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනුලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ, දවටනයේ හෝ බහාලුමේ පැහැදිළිව පෙණෙන පරිදි උපරිම සිල්ලර මිල, බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා නැවත ඇසුරුම් කරන්නේ නම් ඇසුරුම් කළ දිනය, කල් ඉකුත් වන දිනය/භාවිතයයට ඉතා සුදුසු අවසන් දිනය/සක්‍රීය කාලය, කාණ්ඩ අංකය/කේත අංකය, නිෂ්පාදකයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය, ආනයනය කරන ලද්දක් නම් ආනයනික රට, ආනයනකරුගේ /වෙළෙඳපලට නිකුත් කරන්නාගේ නම, ලිපිනය, දුරකථන අංකය/වෙබ් අඩවිය මුද්‍රණය කිරීම හෝ ගැලවිය නොහැකි ලේබලයක් ලෙස සටහන් කළ යුතු බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රෑම් 450 ක් විය යුතු පාන් ගෙඩියක් 350කට අඩු කරලා විකුණනවා චූන් පාන් කට්ටිය. වගකිවයුතු නිලධාරිනුත් ඒව මිලදී ගන්නවා. මාසෙ 25 පඩියත් අඩු නැතුව ගන්නවා...!
අධිකාරිය එහෙම කියනවා... සුපිරි වෙළෙඳසැලක පැකැට්ටුවේ 600 තිබියදී ඒ රාක්කයේ ඉදිරියේ 1200 ප්‍රදර්ශනය කරනවා. බිල් කවුන්ටරයේදී ඇහුවොත් අඩු ගණන දානවා.. නැත්නම් සොරි තමයි.. සමහර අවස්ථාවක ඩිස්කවුන්ට් කියලා අඩුකර පෙන්වා හොඳ නමක් ගන්නවා.