
නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරුම් දීම පිළිබඳ ගැටලුවක් ඇතිවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු එසේ කියා සිටියේ මරණ දඬුවම නියමව සිටින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද දිවුරුම් දීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
කල් තැබීමේ විවාදයට සම්බන්ධ වෙමින් අනුර කුමාර දිසානායක මහතා එසේ අදහස් පළ කරද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා ඇති කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුර කුමාර දිසානායක මහතාට අවවාද කරමින් කියා සිටියේ මාතෘකාවට අදාළව කතා කරන ලෙසයි.
මේ මොහොතේත් සිය කතාව සිදුකරමින් සිටින අනුර කුමාර දිසානායක මහතාගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ල වෙමින් පවතී.
403
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ජෙප්පෝ සදාකාලිකවම "ගැටලුවක්" මෙය විශාල "විහිලුවක්" ය. මෙම ජෙප්පෝ දේශපාලනික වශයෙන් බංකොලොත් වී ඇති අතර රටේ සහ ජනතාවගේ යහපත සඳහා නව අදහස් මගින් ඔවුන්ට කිසිවක් ඉදිරිපත් කළ නොහැක.
හිරේ ඉදන් කොච්චර ජනතා සේවයක් කරන්න පුළුවන්ද? අනික පිටරට ඉන්න ලාංකිකයන්ටත් කොච්චර ගෞරවයක්ද අපේ රටේ මිනිමරලා හිරේ ඉන්න අයත් පාර්ලිමන්ට් යනවා කියන එක. අනික අපේ ජනතාව ආස එහෙමනේ. ඒකනේ ඇස් පියන් කතිර ගහන්නේ
මහාධිකරණය එල්ලුම්ගහට නියම කරනවා, අභියාචනාධිකරණය ඒ චූදිතයව පාර්ලිමේන්තු යන්න තීන්දු කරනවා.
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන බව ප්‍රදර්ශනය නොකර ඒ මහතා කියන දෙය විවේචනය කරන්න වැදගත් මහත්මයෙකු වගේ
අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ අන්න ඒකටයි සහෝදරයා...
මේක රනිල් මහත්තයාගේ ප්‍රශ්නයක් නොවන නිසා අපිට පෙනෙන්නේ ගැටලුවක් විදිහට පමණි.
මේ කළුකුමාර මල්ලි මිනිසුන් වැඩි පිරිසක් ඔය කියන කතාව දන්නවා. ඒ වගේම බොරදියේ මාළු අල්ලන්න අති දක්ෂයින් කියලත් මිනිසුන් හොඳාකාර දන්නවා. ඔයාලාට අවංකවම මිනිසුන්ට ලංවෙන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අන්තේවාසිකයන් ටික අන්තරේ ඉන්න තකතීරු, මෝඩයින්ට නිදහසේ සරසවි විනාශ නොකර ඒ ඒ අයගේ ඉගෙනීමේ කටයුතු කරගැනීමට ඉඩ සලසන්න. සරසවි දරුවන්ට පාරේ කෑමොර දෙනකොට මහජන දේපළ විනාශ කරනකොට මිනිසුන් සාප කරන්නේ ඔයාලාට විතරක් නොවේ. එයාලාගේ ඒ ආදරණීය අම්මලාට.. එ් නිසා දැන්වත් පොඩ්ඩක් හිතලා බලන්න මේ කියපු දේවල්.. නිකන් හැම දේකටම විරුද්ධ නොවී. මේ චොකා කියන මිනීමරුවාගේ ගැටලුව ගැන නොවේ අප සඳහන් කලේ..
සමගි බලවේග, ජනතා බලවේග වලට වඩා මුදලේ බලවේගය ලොකුයි.
ඒ ඉතින් ඔහෙලටනේ... 69 ලක්ෂයකට නම් පුදුම සැපක් දැනෙන්නේ. කිරිබත් ඉදෙන්න කළින් අමුවෙන් හාල් කනවා. ඉන්නකෝ 20 සම්මත වෙනකල්. එතකොට හොඳ හොඳ සෙල්ලම් බලන්න හම්බ වෙන්නේ...
කිසිම ගැටලුවක් නැහැ. 69 ලක්ෂයටම දෙවියන්ගේ හාල් කැවිලා ඉන්නේ.. මීට වඩා ඇදහිය නොහැකි දේවල් බලාපොරොත්තු වන්න.
ඔප්පු වෙච්ච, ඔප්පු නොවෙච්ච මිනී මරුවො කොච්චරනං පාර්ලිමේන්තුවේ ඉන්නවද සහෝදරයා.. දැන් බලන්න ඔයාලගේ පක්ශේ දිහා...