
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ 1 වන කාණ්ඩය රු. 500,000 සිට රු ලක්ෂ 10 දක්වා සංශෝධනය කරගන්නට අපි සමත් වුණා.ඒ අනුව 150,000ක් මාසෙකට වැටුපක් ගන්න කෙනෙකුගේ බදු 100%ක් නිදහස්. රු 200,000ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්.
රු 250,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්.
රු 300,000ක වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්.
රු 350,000ක් වැටුපක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්
වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායමක් ගන්නා අයට වැඩි සහනයකුත් ලෙස අපි උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කරගන්න සමත් වුණා.යැයි ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළපුරුදු කට්ටියට දැන් තනි ඇහැට ඇඬේයි...
මෙකට අනුමැතිය දුන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා මෙයා අනුන්ගේ වැඩ තමන්ගේ කරගන්නවා
මට ඕකෙන් ඇති පලක් නැහැ. මට ලක්ෂයක්වත් අදායමක් නැහැ. මට එන කුඩා පොලියෙමුත් 5% කපනවා, අත්‍යවශ්‍ය බඩුමිල නැවත ඉහළට, බෙහෙත් ඉහළට මේදෑට හා වඩන ඈයෝ අපිට කොරන්නේ සරදමක්. මේක පාන් නැත්නම් කේක් කාපන් කී වැනිය. අද ලංකාවේ ලක්ෂ 11/2 වඩා පඩී ගන්න ඈයෝ ?
හොඳ වැඩක්. රට අමාරු තත්වයක සිටිය දී දෙන මෙවැනි සහන අගය කරමු.
ගෝඨාභයගේ කාලේ 250,000 දක්වා බදු නැහැ. රනිල් ඒක 100,000 දක්වා අඩු කරා. පස්සෙ අයි.එම්.එෆ් එකත් එක්ක එකඟ වුණා. 150,000 කරන්න(ජනාධිපතිවරණයට කලින්) අනුර දිසානායක ජනාධිපතිවරණයේ දී පොරොන්දු වුණා 200,000 කරන්න. ඒ අනුව රනිල්ගේ එකඟතාවය හැර වෙන එකඟතා නැහැ කියන එක තමයි අමූලික ඇත්ත.
ඕක කරේ රනිල්. අනුර 200000 දක්වා tax free කරනවා කිව්වා. අනුරට කරන්න බැරි වුණා. අනුරට බෑ...
රඳවා ගැනීමේ බද්ද වැඩිකරපු එක නම් කොහොමටවත් අනුමත කරන්න බැහැ. අහිංසක පැන්ෂන් කාරයින්ට තවත් කෙළවෙනවා. එයාලාගේ අතට හම්බවෙන ගාන තවත් අඩු වෙනවා. ඒ මදිවාට බැංකුපොළියත් අඩුකළා. මාලිමාවට දීලා කෙලවා ගත්තා වගේ තමයි දැන් නම් පෙනෙන්නේ...!
මට එන කුඩා පොලියෙන් 5%ක් කපනා කියන්නේ එතැනම මෙයාලගේ පොලී ආදායම් මසකට ලක්ෂ 10-20ක් වෙන්න ඕනේ. නැත්තං කොහොමද 3.5-4% දෙන සාමාන්‍ය පොළියෙන් 5% ක් කපන්නේ... අපි මොඩයෝ කියලද හිතන්නේ...? ස්ථාවර ගිණුම් වලින් 5%ක් කපනවා රුපියල් කෝටි 10-20ක් දාපු අයගෙන් නම්. මෙන්න ඉන්නවා රජයට බදු ගෙවන්නේ නැති හොරු. මේ අයගේ වත්කම් රජයට අරගෙන හිරේ දාන්න ඕනේ....