
(ඉන්දිකා රාමනායක)
යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ කතක බිහිකළ බිලිදියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි බේරාගත් බව පොලිසිය පවසයි .
ගොඩගත් බිළිඳිය දැනට යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.
චාවකච්චේරි මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් විසින් ප්‍රසූත කළ බිළිඳියක් නිවස පිටුපස පණ පිටින් වළ දමා ඇති බවට ප්‍රදේශයේ ගාම නිලධාරිනිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව චාවකච්චේරි පොලිසියේ කණ්ඩායමක් පැමිණ බිළිඳිය ගොඩ ගෙන ඇත.
බේරාගත් බිළිඳිය හුස්ම ගන්නා බවට තහවුරු වීම නිසා පොලිසිය වහාම ඇය චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය රෝහලට මාරු කර යවා ඇත
පොලිසිය විසින් බේරාගත් බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි
උපන් හැටි බිලිදිය පණ පිටින් වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගෑනුන්ට "අම්මා හෝ මව" කියන වචනය සුදුසු නොවේ.දරුවෝ ඕනේ නැත්නම් අපේ රටේ දරුවෝ හදාගන්න සුදානම් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා
මුන් වටේ ගිහින් බඩ කරගන්නව. අන්තිමේ දී වන්දි ගෙවන්නෙ හයක් හතක් නොතේරෙන කිරි සප්පයො. ඔය ගෑණිට ආයෙ ඒ දරුව දුන්නම ආයෙත් මරන්න බලයි. ඒකිව එල්ලුම්ගහට යවල ළමයි නැතිව ඉන්න ජෝඩුවකට ඒ ළමය භාරදෙන එක තමයි හොද
මොනවා උනත් වාසනාවන්ත දරුවෙක්
ගෑනිගේ බඩට දරුවා දීලා මාරුවුණ මිනිහා නියම වැඩ කාරයෙක් නේද ?
පොලීසියේ මහත්තුරුන්ට බෝම පින්.