කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ.
සමාජ මාධ්‍ය තුළින් පුළුල් ලෙස සංසරණය වූ මෙම විඩියෝවේ දැක්වෙන්නේ එම පුද්ගලයා බයිසකයේ හැඬලය දෙපැත්තෙන්ම අල්ලාගෙන ඉතා සන්සුන්ව බයිසිකලය පැදගෙන යන ආකාරයි.
මහ දවල් සිදුවූ මෙම සිද්ධිය මහජනයාගේ සහ බලධාරින්ගේ අවධානය යොමු වී තිබේ.
අදාල පුද්ගලයා හදුනාගැනීමට හා නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරිම සඳහා පොලිසිය විසින් එම දර්ශන පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ඉපදෙන්න අයිතියක් තිබුණා නම්... නිරුවතින් ඉන්න එක නීති විරෝධී වුණේ කොයි වෙලාවෙද? ඔබට නිරුවතින් ඉන්න පුළුවන් හෝ බැරි වයස සහ ස්ථානය පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් දෙන්න. මේ අයගෙන් බොහෝ දෙනෙක් මනෝචිකිත්සක රෝගීන් නමුත් මෙය විශාල අළු පැහැති සීමාවන් සහිත තවත් ක්ෂේත්‍රයකි.
මිනිහගේ උපන් දිනේ වෙන්න ඇති ... සුභ උපන්දිනයක් මිත්‍රයා !
ලෝකයට අලුත් දෙයක් සොයාගත්තු ප්‍රීතියට...
යුරේකා යුරේකා කියාගෙනද දන්නේ නැ ගියේ