
(කේ. බුද්ධික කුමාරසිරි)
ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසය පවසයි.
මෙම සැකකාරියට පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකින් ලබා ගත් උපාධි දෙකක් ද හිමි වන බවත් විදෙස් ගත වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙලෙස මත් ද්‍රව්‍ය අලෙවියේ නිරතව ඇති බවට අනාවරණය වූ බවද පොලිසය පවසයි.
තරුණියක් විසින් හංවැල්ල නගරයේ අයිස් මත්දුව්‍ය බෙදා හරිමින් සිටින බවට පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්. රාජසිංහ මහතාට ලද තොරතුරක් මත නිළධාරීන් කණ්ඩායමක් ගොස් සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත.
ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුගේ මත්දුව්‍ය ජාලය මොහයවන හංවැල්ල ප්‍රදේශයේ බාර පුද්ගලයා සමග ඇයගේ ඥාතියකු සමීප සම්බන්ධතාවයක් පවත්වන බැවින් එම සම්බන්ධතාවය මත මෙම සැකකාරිය අයිස් මත් ද්‍රව්‍ය ලබා ගෙන අලෙවියේ නිරතව ඇති බවත් සැකකාරිය ඉගෙනුම ලැබූ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ද මෙලෙස මත් ද්‍රව්‍ය විකුණා ඇති ද යන්න වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරන බවද හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල නගරය ආසන්නයේම පදිංචිකාරියක වන 20 හැවිරිදි තරුණියකි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා
Lalla Sunday, 05 January 2025 11:58 AM
බහුතරය උපාධිධාරීන්ගේ හීනය. විදේශගත වීම. වැඩිපුරම කාන්තාවෝ. හරිම පිළිකුල් සහගත තීරණයක්. රටේ බදු ගෙවන්නන්ගේ මුදල්වලට කරන ලොකුම අපරාධයයි...
SamSunday, 05 January 2025 02:33 PM
ඉගෙන ගත්තේ එයයි, ගෙදර අයයි ගෙවපු බදු සල්ලි වලින්. ඔබේ බදු සල්ලි ගත්තේ නැහැ.
sugathSunday, 05 January 2025 05:29 PM
ඕක පිළිකුල් කරන්ට දෙයක් නොවේ. ඕක තමා අද රටේ යතාර්ථය. ලංකාවේ වසරකට සිසුන් 450,000 සාමාන්‍ය පෙළ ලියනවා. අවසානයේ එයින් 10% ක් පමණ විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙනවා. නමුත් සමස්තයක් ලෙස රටේ පාසල් වලින් පිට වෙන සියලු දෙනාට අද රටේ රැකියා 450,000 ක් වසරකට බිහිවෙන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ අද බොහෝ තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු වෙනවා. එහි කිසි වැරැද්දක් නැහැ.
fairoos Sunday, 05 January 2025 03:28 PM
තවම වයස විස්සයි නේද? උපාධි දෙකක් තියනවා ලු
prasanna Monday, 06 January 2025 11:22 AM
ඔයා වගේ අය ගොඩක්ම දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ...