
(යොහාන් භාසුර සහ තුෂාර ද සිල්වා)
මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
පසුගිය නොවැමබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 11.1 ක් වූ බවත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8.3 ක්ව පැවතුණු බවත් මහ බැංකුව කියයි.
නොවැම්බර් මස සියයට 11.1 ක් වූ උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.8 ක ඉහළ යෑමක් බවත් ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම මෙම තත්වයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළ හතෙන් අඩුමගානේ එකක්වත් පස්චාත් ප්‍රදේශයේ පිහිටා තියනවා වගේ.හෙලිකොප්ටරයෙන්ම ගිහිලා තමයි බලන්න වෙන්නේ
පක්ෂ පාට බදාගෙන එක රටක මිනිස්සු වෙලත් රණ්ඩු වෙන බැන ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඒ මාන්සකිකත්වය නැති වන තාක් කල් මෙම රට දියුණු නොවන අතර දුෂ්ට දේශපාලුවන් රජ කරනවා.දැන්වත් එය තේරුම් අරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.චන්දය ලං උනාම මෙම දුශිතයෝ ටික අපිට නොදැනීම අපව නැවත රවටනවා.ඒකට අහුවෙන්න එපා.අපේ දුර්වලතාවයක් තියනවා අපි හැමදේම ඉක්මනට අමතක කරනවා.ඒකෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගන්නවා.චන්දය ලං උනාම අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් මිල අඩු කලාම අපිඅට ,ඒ සියලු දේවල් අමතක වෙනවා.එසේ නොවී මොවුන්ගේ අදුරදර්ශී වැඩ කොමිස් ගැහිලි හොදින් මතක තබා ගෙන එන චන්දයේදී වත් බුද්ධිමත්ව මොවුන්ට පාඩමක් උගන්වමු .
මේ තත්වයට හේතුව ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම නිසාලු. එහමනම්, කබ්රාල්ගේ වැරැද්ද නොවේ. ඒ නිසාද ඔහු වැටුපත්, විශ්‍රාම වැටුපත් එකම අවස්ථාවේ බුක්ති විඳගෙන සහ අර්ජුන් මහේන්ද්‍රන් සගයාටත් විශ්‍රාම වැටුපෙන් බුක්ති විඳින්න පහසුකම් දීල තියන්නේ.
උද්දමනයට වඩා අපට ලැබෙන පොලිය අඩු අගයක, අපි වැඩකර ජීව්තයේ සැඳෑ කාලයට ඉතිරිකර තිබුන මුදලින් ලැබෙන පොලියෙන් දැන් ජීවිතය අමාරුවෙන් ගෙවන අපට මුදලේ අගයත් පහලට, අඩුම වශයෙන් පොලිය උද්දමනයට සරිලන සේ ඉහල දමන්න, අපට ජීවිතය ගෙවන්න ඉතිරිව ඇති මුදලත් නැතිකර අපිව පාරට දමන්නට එපා.
සල්ලි අච්චු ගහනකොට උද්ධමනය වැඩි වෙනවා කියලා දන්නේ නැත්තේ කබ්රාල් විතරයි.
ඉස්සර රුපියල බාල්දු වෙනකොට බෙරිහන් දීපු අයගේ කටවල් වැහිලා.
මේක ලොකු අගයක් නෙවෙයිනේ... රටක් දියුණු වෙනකොට ජනතාවට කැපකිරීම් කරන්න වෙනවා.
හැමදේටම සීමාවකින් තොරව විදේශ ණය ගැනීම තුළින් දැන් ණය කන්දක් හැදිලා. ඒ ණය විදේශ මුදලින් ආපසු ගෙවන්න ගියාම විදේශ සංචිත වේගයෙන් පහත වැටෙනවා. විදේශ ඉපැයුම් ප්‍රමාණවත් ලෙස නොලැබෙන මෙවන් යුගයක විදේශ මුදල් හිඟවීමේ අර්බුදයකට මුහුණ දී ඇත්තේ ඒ නිසයි. ඒ නිසා රටට අත්‍යාවශ්‍ය ඛනිජ තෙල්, ගෑස් පොහොර හිඟයකින් තොරව ආනයනය කිරීමට නොහැකි තත්වයකට රට මුහුණ දී සිටී.
තැන්පතුවලට ගෙවන පොලිය වැඩිකරන්න කාලේ හරි, නැතිනම් ආර්ථික ප්‍රශ්න පැන නගිනවා. තැන්පතුවලට ගෙවන පොලිය උද්ධමනයට කෙලින්ම සම්බන්ධයි. මිනිස්සු මුදල් තැන්පත් කිරීම නවතනවා.