(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට 1.7 ක අවධමනයක් ද, ඊට පෙර මස එනම් නොවැම්බර් මස සියයට 2.1 ක අවධමනයක් ද, ප්‍රදර්ශනය කළ බව මහ බැංකුව සඳහන් කරයි.
ආහාර නොවන කාණ්ඩයේ අවධමනය දෙසැම්බර් මාසයේ සියයට 3.0 ක් බවට පත්වෙමින් සුළු පහළ යෑමක් ඇති බවත් නොවැම්බර් මස එම කාණ්ඩයේ අවධමනය සියයට 3.3 ක්ව පැවැති බව මහ බැංකුව සඳහන් කරයි.
ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක් බවට පත්ව සුළු ඉහළ යෑමක් පෙන්වන බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව එය නොවැම්බර් මස සියයට 0.6 ක්ව පැවැති බව ද සඳහන් කරයි.
මාසික පදනම මත මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 1.19 ක ඉහළ යෑමක් වාර්තා කළ බවත් ආහාර කාණ්ඩයේ අයිතමවල සියයට 1.24 ක මිල ඉහළ යෑම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල සියයට 0.06 ක පහළ යෑම එයට බලපෑ බවත් මහ බැංකුව කියයි.
ආර්ථිකයේ යටිදැඩි උද්ධමන ප්‍රවණතා ප්‍රදර්ශනය කරන වාර්ෂික ලක්‍ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 2.7 ක් ලෙස නොවෙනස්ව පවතින බව ද මහ බැංකුව පවසයි.
බලශක්ති මිල සැලැකිය යුතු ලෙස පහළ යෑම සහ නිතර මිල උච්චාවචනය වන ආහාරවල මිල පහළ යෑමේ අඛණ්ඩ බලපෑම මෙන්ම 2024 මුල් භාගයේදී බදු සංශෝධනය කිරීම් නිසා මිල ඉහළ යෑමෙන් ඇති වූ සැලකිය යුතු පදනම් බලපෑම හේතුවෙන් මතුපිට උද්ධමනය ඉදිරි මාසවලදී සෘණ අගයක් අපේක්‍ෂා කරන බවත් කෙසේ වුවද ඉන් අනතුරුව උද්ධමනය ධන අගයකට පත්වී සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහය ඇතිව මැදිකාලීනව ඉලක්කගත සියයට 5 ක මට්ටමකට ක්‍රමයෙන් ළගාවනු ඇතැයි උපේක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක්
ගුණරත්න Thursday, 02 January 2025 11:52 AM
මේ බඩු මිල අඩුවෙලා තියෙන්නේ අඟහරු ලෝකෙද? ජනේරුවට කිරිබතක් හදාගන්න රතු කැකුළු හාල් ටිකක් ගන්න නැහැ, එත් පම්පෝරිය නම් තියෙනවා, මේවා කලින් ආණ්ඩුව කාලේ වුනහම කෑගහපු උදවියම දැන් ආණ්ඩුවේ ඉන්නවා කිසි සද්දයක් ඇහෙන්නේ නැහැ, එත් උන්ට විරුද්ධව ඇඟිල්ලක් හරි එසෙව්වොත් ඕන්න CID එකට පැමිණිලි කෝටියයි.