(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මැයි මස මෙරට උද්ධමනය සියයට 0.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) පැවසීය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මස උද්ධමනය සියයට සෘණ 0.8 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ සියයට 2.9ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට 5.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අප්‍රේල් මාසයේ සියයට සෘණ -3.7ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට සෘණ -3.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උද්ධමනය ගණන් උස්සයි
ගුණරත්න Monday, 23 June 2025 06:35 PM
කිලෝව රුපියල් 600 ට අඩුවෙන් තිබුණු සාලයෝ දැන් 1000යි. අනෙත් මාළු ඊට ගණන්. එළවලු මේ සතියේ ටිකක් මිල අඩුයි, එත් ගිය සතියේ අමු මිරිස් විතරයි ලාබෙට තිබ්බේ. හාල් පොල් මිල ගිහින්, පොල් ගෙඩියක් 220යි හාල් කිලෝව 210යි අර පාර්ලිමේන්තු සේවකයෝ කියන හැත්ත රුපියල් 100 කෑම බිල වැඩි කියලා තව අඩු කරගෙන කියල අහන්න ලැබුණා.