
(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මැයි මස මෙරට උද්ධමනය සියයට 0.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) පැවසීය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මස උද්ධමනය සියයට සෘණ 0.8 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ සියයට 2.9ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට 5.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අප්‍රේල් මාසයේ සියයට සෘණ -3.7ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට සෘණ -3.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝව රුපියල් 600 ට අඩුවෙන් තිබුණු සාලයෝ දැන් 1000යි. අනෙත් මාළු ඊට ගණන්. එළවලු මේ සතියේ ටිකක් මිල අඩුයි, එත් ගිය සතියේ අමු මිරිස් විතරයි ලාබෙට තිබ්බේ. හාල් පොල් මිල ගිහින්, පොල් ගෙඩියක් 220යි හාල් කිලෝව 210යි අර පාර්ලිමේන්තු සේවකයෝ කියන හැත්ත රුපියල් 100 කෑම බිල වැඩි කියලා තව අඩු කරගෙන කියල අහන්න ලැබුණා.