IMG-LOGO

උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ

(මනෝප‍්‍රිය ගුණසේකර)

සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබාදීමට තීරණය කොට ඇති කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමය එම පුද්ගලයන් වෙනුවෙන් නඩු අවසන් වනතුරු නොමිලේ අධිකරණවල පෙනීී සිටීමටද තීරණය කොට ඇත

සාමාන්‍ය ජන ජීවීතය පවත්වාගෙන යෑමට නොහැකි වන ආකාරයට රට තුළ මතුව ඇති අර්බුදකාරි තත්වය සහ ජනාධිපතිවරයා විසින් හදිසි නීතීය පැනවීම නිසා ඇතිවන ගැටළු සාකච්ඡා කිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමය කැඳවනු ලැබු හදිසි මහ සභා රැස්වීමකදී සමකාමී මහජන විරෝධතා පැවැත්වීමට ඇති අයිතිවාසිකම උපරිම ලෙස පිළිගන්නා බව එහි සාමාජිකයන් යෝජනා සම්මත කරගත් බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රසික සංජීව මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ

මේ සඳහා හදිසි අවස්ථා රෙගුලාසි සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුම ඇති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ සංජය ගමගේ  පී.ඞී. පෙරේරා, ඇන්ජලෝ බෙනඩික්ට්, සුගත් හෙට්ටිආරච්චි, සරත් සොයිසා, මනෝජ් නානායක්කාර, පාලිත සේනාරත්න, සුසන්ත කුමාර යන නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්ද පත් කොට ඇත

සාමකාමි විරෝධතා වල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස අත්අඩංගුවට ගනු ලැබු හෝ නීතීය හමුවට පැමිණවු පුද්ගලයන්ට 071 8316948 සහ 070 7302025 යන දුරකථන අංකවලින් මෙම නීතීඥ කමිටුව සමඟ සම්බන්ධ විය හැක.

 



අදහස් (0)

උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site