(නිමන්ති රණසිංහ)
උද්ඝෝෂණකරුවන් ලෙස පෙනී සිටින ඇතැම් කණ්ඩායම් රටේ වැදගත් ආර්ථික මර්මස්ථානවලට අයුතු ලෙස ඇතුල් වී ඒවාට පහර දී ආර්ථිකය කඩා වැට්ටවීමේ සූදානමක් පවතින බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි කොටුව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (07) දැනුම් දුන්නේය.
උද්ඝෝෂණ පවත්වමින් එම පිරිස් ආර්ථික මධ්‍යස්ථානවලට පහරදීම් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ආර්ථිකය කඩා වැට්ටවීමේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක නිරත වීමේ සූදානමක් සූදානමක් ඇති බවට මෙම බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ද කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම උද්ඝෝෂණකරුවන් ගෙන් ඇතැම් පිරිස් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විදෙස්ගතව සිටින අන්තවාදීන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට ද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි කොටුව පොලිසිය
අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උද්ඝෝෂකයෝ දිහා බැලුවම පේනවා කිසිම වැදගැම්මකට නැති කාළකණ්නි ටිකක් කියලා බුද්ධි අංශයේ අයගේ අදහස් පිළිගෙන රටේ සංවර්ධනය අවශ්‍ය ජනතාව පෙළගැසුනොත් රට හදන්න පුළුවන් කියලා හිතෙනවා .රට ගැන නොසිතා මූට බැහැ දැන් අරූට විතරයි කරන්න පුළුවන් කියලා. මුග්ධයින් වගේ රනිල්ගෙ පාලනය වෙනස් කලොත් රට සධාකාලිකව අගාධයට වැටෙනවා කියලා සහතිකවම කියන්න වෙනවා
ඕක කියෝ කියෝ ඉන්න දෙයක් නොවෙයි ඔළු කුඩුවෙන්න ඕකුන්ට ගහන්න.
මොනවද මේ කතා? පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයන් සැප සම්පත් ඇතුව වාසය කරන්නේ මෙහෙනෙ. ඕවා කාටත් වැඩිය හොදට අපි දන්නවා.
බුද්ධි අංශ වලට බොහෝවිට,දේශපාලකයන්ගේ කට්ට කෛරාටික වැඩ පමණක් නොපෙනෙන්නේ ඇයි ? අරගල කොට මහජන දේපළ හා පොදු දේ වැනසීම අප අනුමත කරන්නේ නැහැ.ඒත්,මහජනයා පාරට බහින්නේ,උද්ඝෝෂණ කරන්නේ ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු දීමට දේශපාලකයන් සමත් නොවීම නිසා නොවේද ? විදේශ ජාතී බුද්ධිමතුන් අපේ රටේ ජනතාවගේ සැබෑ යථාර්ථය අවබෝධ කොට සිටියත් මේ රටේ බුද්ධි අංශ වලට ඒ බව අවබෝධ කරගත නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි.
මාර හොයාගැනීමක්නේ අපේ බුද්ධි අංශයෙන් හොයාගෙන තියෙන්නේ... අද රට මේ තත්වයට පත්වුණේ අරගල කරලාද?