(ඩයනා උදයංගනී)
උත්සව සමයෙන් පසු කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ (4) දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළයාමක් සිදුවූ බව කී වෛද්‍යවරයා එය අහඹු ඉහළයාමක් ද ඉදිරියටත් පැවතිය හැකි තත්වයක් ද යන්න දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළේය.
වෛද්‍ය හේමන්ත මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දෙසැම්බර් හා ජනවාරි අලුත් අවුරුදු උත්සව සමයේදී වගකීමෙන් හැසිරෙන ලෙස ජනතාව දැනුවත් කළත් ඇතැමුන් එසේ කටයුතු නොකළ බව ද නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අහිංසක බලාපොරොත්තු තිබිලා තියෙන්නේ මේ මහත්තයාට... අවදානම පහව නොගිය බව කියකිය රටට කානිවල් සිරි දීලා ගෑස් පෝලිම්, පිටි පෝලිම් හැදෙනකොට මේවා හිතුන් නැද්ද මහත්තයෝ...? එන්නත් දෙකම ගැහුවම මැරෙන් නෑ කිව්වා. දවසට 20 ගානේ මැරෙන්නේ අලි ගහලාද? ඔමික්‍රෝන් එන්න දෙන් නෑ කීවා. ඒක ආවේ හුළඟින්ද?
හැමදේකටම කොරෝනා ආදේශ කිරීමෙන් වැක්සීන් හදන සහ බෙහෙත් උපකරණ හදන රටවලට... දැන් සීතල කාලයේ සෙම රෝග හැදෙනවා. ඒවට කොරෝනා ආදේශ කරලා අනුන්ට හම්බ කරලා දෙනවා.
කඩේ ගියා ඇති නේද.?
දැනගෙන හිටියා නම් ඇයි සීමා පැනෙව්වේ නැත්තේ..? සර්ට යන එන මං නැතිවෙනවනේ... ජනතාවට මොනවා වුණත් කමක් නෑ.