(ඉන්දිකා රාමනායක)
උත්සව සමයේ කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සාප්පු සවාරි යන ජනතවාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්යක රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
ගැටකපන්නන්, සොරුන් , සහ වෙනත් අපරාධකරුවන් මෙම උත්සව සමයේ ජනතාව බහුල වශයෙන් සැරිසැරන ප්‍රදේශවල රැදී සිටින බවත්, ඔවුන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීම සදහා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දී ඇත.
තවද මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා දැනුම් දී ඇත.
ඉහත ප්‍රදේශ වල සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩිපුර යෙදවීමටත්, යතුරුපැදි සංචාරල පා මුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසට ද අමත්‍යවරයා දැනුම් දුන් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කොරෝනා ආවට කමක් නැද්ද.?
ආරක්ෂාව කාටද? ජනතාවට ආරක්ෂාව තියෙනවා.. ඔහේලාට නම් ඉක්මණටම ජනතාවගෙන් අාරක්ෂා වෙන්න වේවි...!!!