
(ඉන්දිකා රාමනායක)
උත්සව සමයේ අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සදහා පොලිස් මුලස්ථානය මහජනයා වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදුකර ඇත.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනයක් හදිසි යේ අපදාවට ලක් වුවහොත් තම අභිමතය පරිදි එය අලුත් වැඩියා කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවත්, අධිවේගී ටිකට් පතේ ඇති 1969 අංකය අමතා ඒ බව දැනුම් දිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
1969 අංක ඇමතීම සදහා කිසිදු මුදලක් වැය නොවන බවද හෙතෙම කීය.
එම අංකය අමතා අදාල වාහනය නවතා තිබෙන ස්ථානයේ ඇති කිලෝ මීටර් කණුවේ අංකය දැනුම් දිය යුතු බවත්, එම දැනුම් දීම අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අවශ්‍ය පියවර ගන්නා තෙක් කිසිදු රියදුරෙක් එම වාහනයෙන් බැස සිය අභිමතය පරිදි අලුත් වැඩියා කටයුතු වල නිරත නොවිය යුතු බවත්, එය නීති විරෝධී ක්‍රියාවක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
වාහන අපදාවන්ට ලක් වු අවස්ථාවන් වලදී ඇතැම් රියදුරුන් වහනයෙන් බැස සිය අභිමතය පරිදි වාහන අලුත් වැඩියා කිරීමට ගොස් අනතුරට ලක් වු අවස්ථාව රැසක්ම වාර්තා වී ඇති බවද හෙතෙම කියා සිටියේය.
වාහනයක යම් කාර්මික දෝෂයක් ඇති වුවහොත් ඒ බව පොලිස් නිලධාරීන් දැනුවත් කර වාහනය මාර්ග අයිනට කර නවතා හැකිනම් රියදුරු වාහන බැස මාර්ගය අයිනේ තිබෙන ආරක්ෂක වැටෙන් පිටතට පැමිණ රැදී සිටින ලෙසට ද පොලිස් මුලස්ථානය දැනුම් දේ.
අධිවේගී මාර්ග වාහනයක් ධාවනය කිරීමේ දී රියදුරුට යම් කිසි නිදිමත ගතියක් දැනේ නම් ආසන්නයේ ඇති පියවීමේ මධ්‍යස්ථානයෙන් පිටවිය යුතු බවත්, එලෙස පිටවී නියමිත පරිදි විවේකයක් ලබාගෙන යළිත් රථය ධාවන කළ හැකි බවට හැගේනම් පමණක් යළිත් අධිවේගී මාර්ගයට පිවිසෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් පුද්ගලයන් ආහාර ලබා ගැනීමට, සිරි නැරඹීමට ම සදහා වාහන මාර්ගය අයිනේ නතර කර එවැනි කටයුතු වල නිරත වන අවස්ථා නිරීක්ෂණ වන බවත්, එය සම්පූර්ණයෙන් නීති විරෝධී ක්‍රියාවක් බවත් එවැනි පුද්ගලයන් ට නීතිය තදින්ම ක්‍රියාත්ම කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
උත්සව සමයේ බොහෝ දෙනා අධිවේගී මාර්ගය භාවිතා කරන බවත්, මෙම ගින් සිදුවන අනතුරු වලක්වා ගැනීම සදහා මෙම දැනුවත් කිරීම සිදුකළ බවත්, අධිවේගී මාර්ගය භාවිතා කරන සියලු දෙනා දැඩි ආරක්ෂිතව, සැලකිලිමත්ව රථ ධාවනය කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපේ අය හරක් වගේ හෙඩ් ලයිට් එක ගහගෙන යන්නේ අනිත් අය ගැන මොහොතකටවත් හිතන්නේ නැහැ. පොලිසියේ ඉන්න හා නීතිය කරවන අයට මේ ගැන කිසිම අවබෝධයක් නෑ.