(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ පවතින පුරප්පාඩු සඳහා පත්වීම 207ක් ප්රදානය කිරීමේ උත්සවය පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි.
මෙම පත්වීම් ලාභීන් සියළු දෙනා තනතුරු සඳහා බදවා ගනු ලැබුවේ පවත්වන ලද තරග විභාග වලින් ඉහළින්ම ලකුණු ලබාගැනීමෙන් අනතුරවය.
මෙහිදී රාජ්‍ය කළමණාකරණ සේවය සඳහා 71 දෙනෙකු ද , කෘෂිකර්ම උපදේශකවරුන් 43 දෙනෙකු ද, සත්ව සංවර්ධන උපදේශකවරුන් 26 දෙනෙකු ද, කෘෂි ව්‍යාප්ත නිලධාරීන් 29 දෙනෙකු, ගුරු සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් 27 දෙනෙකු ඇතුළුව තවත් 27 දෙනෙකු ද මෙහිදී පත්වීම් ලැබූහ.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එන්. වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා පත්වීම් ලබාගත්තට කිසිදු ගැටළුවක් අපට නම් නැත. නමුත් තමන්ගෙන් වියයුතු යුතුකම් මෙන්ම තම සේවය උපන් රට වෙනුවෙන් කිරීමට ඔබ සැමට සිත් පහළ වේවා!!! මහජන මුදලින් තම ජීවිත ගොඩනගා ගැනීමට සූදානම් වන ඔබලා ළඟ එන "බූරු පොරයේදී" තමන්ගේ වටිනා ඡන්දය ලක්මවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් භාවිතා කිරීමට ආත්ම ශක්තිය ලැබේවා..!! හැලිවඳුරන් 225 ම පන්නාදැමීමට ඔබ සැමටත් ඥානය පහළ වේවා !!!
මෙයාට සාරි පොට අමතක වෙලා වගේ..
රවීන්ද්‍ර , ඔයා හරි...
සාහිත්‍ය මාසය රැකියාදෙන මාසයක් වෙලා කියල කියපු කෙනා එහෙම කියමින් පත්වීම් දෙදාහක් දුන්නා අරලියගහ මැදුරේ රැකියා දෙනවිට එසේ කිවූ කෙනාගේ ගෝලයිනුත් ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවා තිබියදීත් මෙසේ කිරීම අවවාදයට වඩා ආදර්ශමත් වැඩක්නේද
එතකොට අර "වත්තේ දොළ" ළඟ පෙරකදෝරු මහත්තයට පෙනෙනව ඇත්තේ මේ පත්වීම් මැතිවරණ අල්ලස් හැටියට නොවෙයි වෙන්න ඇති නේද ?