
(අංජුල මහික වීරරත්න)
උතුරු සහ නැගෙනහිර පළාත් වල ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජය විසින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම රජයේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ ඇති අතර, මාර්ග අලුත්වැඩියා කිරීම, ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා පුළුල් ප්‍රවේශයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, උතුරු සහ නැගෙනහිර පළාත්වල බොහෝ මාර්ග අබලන් තත්ත්වයේ පවතින බැවින්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි උතුරු පළාත් මාර්ග කිලෝමීටර 1,500 ක් සහ නැගෙනහිර පළාතේ මාර්ග කිලෝමීටර 500ක් සංවර්ධනය කිරීම පිණිස ප්‍රමුඛතාව ලබා දීමට තීරණය කර ඇත. පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා මාර්ග තෝරා ගැනීම පිණිස මහජනතාව, ප්‍රජාපාදක සංවිධාන සහ පළාත් පාලන ආයතන වල සහභාගීත්වය ගනු ලබන අතර, නිර්දේශිත මාර්ග ලැයිස්තුව සඳහා අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබා ගත යුතු වේ.
ඒ අනුව, උතුරු හා නැගෙනහිර පළාත්වල යෝජිත ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1787
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු නැගෙනහිර මාර්ග සංවර්ධනයට