
(අංජුල මහික වීරරත්න)
උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම පක්ෂයේ නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැති හමුවකදීය.
පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීවේ උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබා දෙන බවයි.
එසේම, ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම් , ජී. ශ්‍රී නේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ. එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම කියනවා නම් ලංකාවේ හැමෝටම තියන ආර්ථික ප්‍රශ්න හැරුනුකොට උතුරෙයි, නැගෙනහිරයි ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජාතිවාදය අවුස්සා දේශපාලනය කරන තක්කඩි දේශපාලුවෝ සහ, "රාජපක්ෂ නිකායේ කහකඩයෝ" තමයි නැති ප්‍රශ්න ඇති කොට. ජනතාව මුලාකොට ඔවුන්ගේ බඩ පුරවා ගැනීම වෙනුවෙන් ප්‍රශ්න ඇති කරන්නේ. අර සර් ජෝන් මහත්මයා කිව්වා වගේ මෙවුන්ගේ තට්ටෙට තාර ගාලා, ගෝල්ෆේස් එකේ එල්ලන්න ඕනා. නැත්නම්, ඉතින් අපේ රට විතරක් නෙවෙයි. මහානායක වහන්සේලා ඇයි මේ සුනඛ රැල මේ විදිහට හුරතල් කරන්නේ. පවතින රජයට විශාල වගකීමක් තියනවා, මේ දඩාවතේ යමින් සමාජය වනසන සුනඛයින් බලු වෑන් එකක පටවාගෙන ගොස් කප්පාදු කිරීමට. එහෙම නැත්නම්, රජයටවත්, මේ රටේ ජනතාවටවත්, රටට වත් පැවැත්මක් නැහැ. විනාශය පමණමයි.
"බද්රානි" කියන මේ මෝඩයා කතාවේ එක පැත්තක් විතරයි දකින්නේ. මේක සමාජීය සහ දේශපාලනික යථාර්ථය දකින්න බැරි වහලෙකුගේ සාමාන්‍ය මානසික සහ චින්තන රටාවක්. ඔවුන් කතා කරන්නේ ජාතිවාදී දේශපාලනඥයන් ගැන නෙවෙයි, ජාතික අවශ්‍යතා වෙනුවෙන් කතා කරන භික්ෂූන් ගැන. මේ සිංහල මෝඩයෝ සිංහලෙන් විතරයි කතා කරන්නේ, නමුත් අනන්‍යතාවය හරිම දෙබිඩියි, සමාජයේ ඉතා පහළ පන්තියෙන් එන බොහෝ ජවිපෙ සාමාජිකයින් වගේ. ඔවුන්ට ජාතිය, ජාතිය සහ ආගම වැදගත් නැහැ. ඉතිහාසය ගැන දන්නේ නැහැ, ඒ ගැන තැකීමක් නැහැ. මේ මෝඩයෝ රටට මොනවද කරලා තියෙන්නේ.
නිවටයින් සේ සිතුවොත් උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් නැත. තමන් කැමති දේශපාලන පක්ෂයට කඩේ යන විටද එසේ දැනේ. නමුත් එහි ගොස් බැලිය යුතුය. සිංහලබෞද්ධයින් උතුරු නැගෙනහිරින් එළවා දැමීමට ඔවුන් දත කයි. සිංහලබෞද්ධයා විතරක් අන්වාදීන් යැයි නිවටයින් කියයි. දකුණේ කිස්ම අන්‍යය ජාතිකයෙකුට කිසිම ගැටලුවක් නැත. ඒ ඔවුන් සිංහලබෞද්ධයින් මැද සිටින බැවිනි. මිනුසුන් නිවටයින් වූ විට රටක් දැයක්සමයක් නැත. තියෙන්නේ කෙස් පැළෙන තර්ක පමණි.
බද්රාණි කියන මාලිමා වැස්සි ඇවිල්ලා ‘උම්බෑ ’ කියලා ගොම ටිකක් අත ඇරලා යනවා. පැත්තම ගඳයි
උතුරු නැගෙනහිර පන්සල් ටික වහලා... හමුදා කඳවුරු ටික අස්කරගෙන ඉදන් පොලිස් බලතල දීලා දැම්මා නම් හරි නේ...