(සිතුම් චතුරංග)

           

වවුනියාව සිට කොළඹ බලා ධාවනය සීඝ්‍රගාමි දුම්රිය අද (8) උදෑසන වවුනියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පිළිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ලවී ඇති බව වවුනියාව දුම්රිය පාලක මැඳිරිය පවසයි.

උදෑසන 05.45 පමණ ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියෙහි අවසන් දුම්රිය මැදිරි හය එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව පැවසීය.

දුම්රිය පිළි පැනීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු නවතා ඇති අතර, පීළිපැනීමට ලක්වූ දුම්රියේ සිටි මගීන් විශාල පිරිසක් බස් රථ වලින් ගමන්ගන්නා අයුරු දක්නට ලැබිණි.

වවුනියාව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසූයේ දුම්රිය පීලිපැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවූ බවත් ඒ සඳහා නිලධාරීන් කණ්ඩායමක් සොයාබැලීම සඳහා පැමිණිමට නියමිත බවත්ය.

දුම්රිය පිළිගත කිරීම් සිදුකිරීමට නියමිතව තිබූ අතර දුම්රිය පිළි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ගමන්  ඇනහිට පැවතිණි.