
(අංජුල මහික වීරරත්න)
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී අද (22) පැවැත්විණි.
මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්, දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි.
මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි. ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ අධ්‍යාපනය තවතවත් දිරිමත් කරන මෙම වැඩසටහන අගය කරනවා.
හා කමක් නෑ. ඒත් ඡන්ද නම් ආයේම හම්බ වෙන්නේ නෑ හොඳේ...
අනෙකුත් පළාත් වල මෙම වැඩසටහන නැද්ද?
ප්‍රසාදිනී ඔය අරමුදලත් හිස් කරලාම යමු. උතුරේ ගිහින් නැමිලා හිටියාට වැඩක් වෙන්නේ නැතිවෙයි...!