
(අංජුල මහික වීරරත්න)
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී අද (22) පැවැත්විණි.
මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්, දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි.
මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි. ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි.



2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරේ උසස් පෙළ විශිෂ්ටයන්ට ලක්ෂයක් දෙයි
කපුරුහාමි Sunday, 22 June 2025 05:03 PM
දරුවන්ගේ අධ්‍යාපනය තවතවත් දිරිමත් කරන මෙම වැඩසටහන අගය කරනවා.
යෝගා Sunday, 22 June 2025 05:06 PM
හා කමක් නෑ. ඒත් ඡන්ද නම් ආයේම හම්බ වෙන්නේ නෑ හොඳේ...
Duminda Jayanath UdayakumaraMonday, 23 June 2025 09:31 AM
තමුන්ගේ චන්දෙන් වෙන්න ඇති ආණ්ඩුව හැදුවේ, මොනා කරත් හොදක් නොදකින හිවල්ලු ඉන්නවා.
Chinthaka Herath Sunday, 22 June 2025 05:09 PM
අනෙකුත් පළාත් වල මෙම වැඩසටහන නැද්ද?
වලේසුදා Sunday, 22 June 2025 06:13 PM
ප්‍රසාදිනී ඔය අරමුදලත් හිස් කරලාම යමු. උතුරේ ගිහින් නැමිලා හිටියාට වැඩක් වෙන්නේ නැතිවෙයි...!