(අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර නොබැලීමෙන් අසාධාරණයක් සිදුවන බව පවසමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ මවුපියෝ පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (20)පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
රජය සහ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට පැමිණ දින දහයක් ඇතුළත විසඳුමක් දුන්නේ නැතිනම් සමස්ත ලංකාවේම මා පියන් ලෙස එකතු වී පාරට එන දවස වැඩි ඈතක නොවන බව එහිදී මව්පියෝ පැවසූහ.
පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් දරුවන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙස ඉල්ලා සිටින බවද බදු හෝ අනෙක් ප්‍රශ්න වලට දරුවන් සම්බන්ධ නැති බව ද එහිදී මවුපියෝ පැවසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උත්තර පත්‍ර නොබලනවාට එරෙහිව මවුපියෝ මානව හිමිකම් කොමිසමට
ෆ්‍රැන්සිස්කෝ වීරසිංහ Thursday, 20 April 2023 11:42 PM
පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් දරුවො ඇපයට නොගතයුතුය එහෙම කිරීම තරම් නීච නින්දිතම ක්‍රයාවක් තවත් තියෙන්න බැහැ .ඇත්තටම උගතුන් බුද්ධිමතුන් ආදීන්ට මේ ප්‍රශ්නයේදී දරුවො වරදක් නොකල බව නොතේරේද කියලා තේරුම් ගන්න අමාරුයි ඕනෑම රටක රජයක් පවත්වා ගැනීමට බදු අයකිරීම කරන්න ඕන කියලත් තේරුම් ගන්න බැරිකමක් තියෙන පිරිසක් උගතුන් ලෙසට හැදින්වීම සාධාරණද අහන්න වෙනවා කොහොම වුනත් බර අදින්න සිටින සතා මුරකරන්න ගියාම ඔහොම දේවල් වෙනවා තිෂ්ඨති විද්‍යායත්‍ර න වෘත්තම් කියලා ඉපැරැණි කියමන මෙයින්ම සත්‍ය වෙනවා මේ ප්‍රශ්නයේදී තියෙන්නෙ දේශපාලන අරමුණක් නිසා නොපමාව රටේ ජනතාව ඉදිරිපත් වෙලා මෙම මාපියා කල්ලි මැඩලීමට කටයුතු කරන්න අත්‍යාවශ්‍යම වෙනවා රජයද වහාම ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර රටේ අභිවෘද්ධිය ඇති කිරීමට කටයුතු කරන්න ඕන
රත්නාකර Thursday, 20 April 2023 11:47 PM
උගතාට විනයක් නැතිබව පැරණි පණ්ඩිත මතයකි.ලංකාවෙ උගතුන් බුද්ධිමතුන් මේ වනවිට ඒ බව පසක්කරමින් සිටී
Sunil Friday, 21 April 2023 08:22 AM
මාපියන්ටත් දරුවන්ටත් මෙය උග්‍ර ප්‍රශ්නයක් බව සත්‍යයි .නමුත් මේ දුරධාන්ත රජයට ඉල්ලීම් ඉදිරිපත් කිරීම බීරි අලින්ට වීනා වාදනය කරනවා වගෙයි .හැම දෙයක්ම කරගන්න හදන්නේ බලහත්කාරයෙන් සහ මර්ධනයනේ
තිළිණ Friday, 21 April 2023 11:05 AM
බදු ප්‍රතිපත්තියක් කියන්නේ රටේ සියළුම පුරවැසියන්ට එක සමාන එකක් බව මේ උගත් යයි කියාගන්න ආචාර්යවරුන්ට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න .මට වුනත් කැපෙන බදු ප්‍රාමාණය ඉහල වුනත් රට වෙනුවෙන් මෙච්චර කාලයක් නොකරපු දෙයක් අද අපි හැමෝටම කරන්න වෙනවා. ළමයි ප්‍රාණ ඇපයට අරගෙන මේ විදිහට ඩිමාන්ඩ් කරන්න මේ මිනිස්සුන්ට ඇයි ඉඩ දෙන්නේ ? මොවුන්ට විතරක් විශේෂයක් කරන්නන කියලා ඉල්ලන්නේ එතකොට අනිත් මිනිස්සු බදු ගෙවන රස්සා පහත් ඒවද? රටේ හැම රස්සාවක්ම වැදගත් ..කට්ටියක් කියලා විශේෂ උස් පහත් නැහැ
කිරිපුතා Friday, 21 April 2023 11:28 AM
හැමදාම මේ උගතුන් කියන සම්මතයේ ඉන්න අය කරන්නෙ මේ වැඩේ. කොවිඩ් නිසා දහසකුත් ප්‍රශ්න මැද හරිම අමාරුවෙන් විභාගය ට පෙනී සිටිය දරුවන්ව අත් අඩංගුවේ තියාගෙන සල්ලි ඉල්ලනවා. මේවා ජඩ වැඩ. පඩියෙන් බදු ගෙවන්න ඕන රටට. ඒ බදුවලින් තමයි නිදහස් අධ්‍යාපනය කරන්නෙ. මෙච්චර කාලයක් බදු නොගැහුව ප්‍රශ්නය නෙ තියෙන්නේ. දැන් මේ උගතුන් කරන්නෙ ත්‍රස්තවාදී වැඩක්.
Himali Friday, 21 April 2023 11:30 AM
මිනිහෙක්ගේ වැටුප කියන්නේ ලාබයක් (profit ) නෙමෙයි. ඒ මිනිහගේ වියදම පිරිමහ ගන්න මහන්සිවෙලා උපයන මුදලක් ඔහුගේ ගෙවීම් හා වියදම් සඳහා . දේශපාලකයෝ මෙච්චර කාලයක් අද්‍යාපනය අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දැකල නැ . හැබැයි TAX නම් අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දැකලා
තිළිණ Friday, 21 April 2023 01:08 PM
වැස්සකටවත් ඉස්කෝලෙට ගිහින් නැහැ කියලා කමෙන්ට් එකෙන් පේනවා. රටේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය, රජයේ වියදම් පඩි වගේ දේවල් කරන්නේ ඕනෑම රටක් ඒ රටේ මිනිස්සුන්ගෙන් බදු අය කරලා.. බදු කවුරු වුණත් ගෙවන්න ඕනේ. ඒකට අරයාට, මෙයාට අඩුවෙන් වැඩියෙන් කියලා රස්සාව තෝරාගෙන බදු ගහන්නේ නැහැ. තමන්ට ලැබෙන වේතනය අනුව තමයි බදු ගෙවන්නේ. උදාහරණයක් විදිහට මේ මහාචාර්ය කෙනෙකුට ලක්ෂ 3 හම්බ වෙන්න නම් ගෙවන්න ඕනෑ බදු ප්‍රමාණයම තමයි පුද්ගලික අංශයේ රස්සාව කරලා ඒ පඩියම ගන්න කෙනත් ගෙවන්නේ... දෙන්නා රස්සා දෙකක් කළාට වියදම් කාට වුණත් එකයි. ඒත් රජයේ නම් තව වියදම් අඩුයි. අනෙකුත් සහන නිසා.. කිසිම බුරුලක් මේ මිනිස්සුන්ට දෙන්න අවශ්‍ය නැහැ...
gamini siril Friday, 21 April 2023 11:34 AM
රුවන් විජේවර්දන කියන්නේ කොමුනිස්ට් පාක්ෂිකයෙක්ද ? ජනතාවගෙන් අසාධාරණ ලෙස අය කරන බදු මුදල් ?