(අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර නොබැලීමෙන් අසාධාරණයක් සිදුවන බව පවසමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ මවුපියෝ පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (20)පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
රජය සහ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට පැමිණ දින දහයක් ඇතුළත විසඳුමක් දුන්නේ නැතිනම් සමස්ත ලංකාවේම මා පියන් ලෙස එකතු වී පාරට එන දවස වැඩි ඈතක නොවන බව එහිදී මව්පියෝ පැවසූහ.
පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් දරුවන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙස ඉල්ලා සිටින බවද බදු හෝ අනෙක් ප්‍රශ්න වලට දරුවන් සම්බන්ධ නැති බව ද එහිදී මවුපියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් දරුවො ඇපයට නොගතයුතුය එහෙම කිරීම තරම් නීච නින්දිතම ක්‍රයාවක් තවත් තියෙන්න බැහැ .ඇත්තටම උගතුන් බුද්ධිමතුන් ආදීන්ට මේ ප්‍රශ්නයේදී දරුවො වරදක් නොකල බව නොතේරේද කියලා තේරුම් ගන්න අමාරුයි ඕනෑම රටක රජයක් පවත්වා ගැනීමට බදු අයකිරීම කරන්න ඕන කියලත් තේරුම් ගන්න බැරිකමක් තියෙන පිරිසක් උගතුන් ලෙසට හැදින්වීම සාධාරණද අහන්න වෙනවා කොහොම වුනත් බර අදින්න සිටින සතා මුරකරන්න ගියාම ඔහොම දේවල් වෙනවා තිෂ්ඨති විද්‍යායත්‍ර න වෘත්තම් කියලා ඉපැරැණි කියමන මෙයින්ම සත්‍ය වෙනවා මේ ප්‍රශ්නයේදී තියෙන්නෙ දේශපාලන අරමුණක් නිසා නොපමාව රටේ ජනතාව ඉදිරිපත් වෙලා මෙම මාපියා කල්ලි මැඩලීමට කටයුතු කරන්න අත්‍යාවශ්‍යම වෙනවා රජයද වහාම ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර රටේ අභිවෘද්ධිය ඇති කිරීමට කටයුතු කරන්න ඕන
උගතාට විනයක් නැතිබව පැරණි පණ්ඩිත මතයකි.ලංකාවෙ උගතුන් බුද්ධිමතුන් මේ වනවිට ඒ බව පසක්කරමින් සිටී
මාපියන්ටත් දරුවන්ටත් මෙය උග්‍ර ප්‍රශ්නයක් බව සත්‍යයි .නමුත් මේ දුරධාන්ත රජයට ඉල්ලීම් ඉදිරිපත් කිරීම බීරි අලින්ට වීනා වාදනය කරනවා වගෙයි .හැම දෙයක්ම කරගන්න හදන්නේ බලහත්කාරයෙන් සහ මර්ධනයනේ
බදු ප්‍රතිපත්තියක් කියන්නේ රටේ සියළුම පුරවැසියන්ට එක සමාන එකක් බව මේ උගත් යයි කියාගන්න ආචාර්යවරුන්ට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න .මට වුනත් කැපෙන බදු ප්‍රාමාණය ඉහල වුනත් රට වෙනුවෙන් මෙච්චර කාලයක් නොකරපු දෙයක් අද අපි හැමෝටම කරන්න වෙනවා. ළමයි ප්‍රාණ ඇපයට අරගෙන මේ විදිහට ඩිමාන්ඩ් කරන්න මේ මිනිස්සුන්ට ඇයි ඉඩ දෙන්නේ ? මොවුන්ට විතරක් විශේෂයක් කරන්නන කියලා ඉල්ලන්නේ එතකොට අනිත් මිනිස්සු බදු ගෙවන රස්සා පහත් ඒවද? රටේ හැම රස්සාවක්ම වැදගත් ..කට්ටියක් කියලා විශේෂ උස් පහත් නැහැ
හැමදාම මේ උගතුන් කියන සම්මතයේ ඉන්න අය කරන්නෙ මේ වැඩේ. කොවිඩ් නිසා දහසකුත් ප්‍රශ්න මැද හරිම අමාරුවෙන් විභාගය ට පෙනී සිටිය දරුවන්ව අත් අඩංගුවේ තියාගෙන සල්ලි ඉල්ලනවා. මේවා ජඩ වැඩ. පඩියෙන් බදු ගෙවන්න ඕන රටට. ඒ බදුවලින් තමයි නිදහස් අධ්‍යාපනය කරන්නෙ. මෙච්චර කාලයක් බදු නොගැහුව ප්‍රශ්නය නෙ තියෙන්නේ. දැන් මේ උගතුන් කරන්නෙ ත්‍රස්තවාදී වැඩක්.
මිනිහෙක්ගේ වැටුප කියන්නේ ලාබයක් (profit ) නෙමෙයි. ඒ මිනිහගේ වියදම පිරිමහ ගන්න මහන්සිවෙලා උපයන මුදලක් ඔහුගේ ගෙවීම් හා වියදම් සඳහා . දේශපාලකයෝ මෙච්චර කාලයක් අද්‍යාපනය අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දැකල නැ . හැබැයි TAX නම් අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දැකලා
රුවන් විජේවර්දන කියන්නේ කොමුනිස්ට් පාක්ෂිකයෙක්ද ? ජනතාවගෙන් අසාධාරණ ලෙස අය කරන බදු මුදල් ?