IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා

(ප්‍රසාද් රුක්මල් )

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය  පාලක මැදිරිය   පවසයි .

මෙම අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රිය හාලිඇල දුම්රිය ස්ථාන පසුකර උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන බදුල්ල  දුම්රිය ස්ථානය කරා ලගාවෙමින් තිබියදී එන්ජින් දෙකකින් සමන්විත ‍‍ රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරිපස දුම්රිය එන්ජිම මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 8.00ට ධාවනය වීමට නියමිත ඇල්ල ඔඩිසි , පෙරවරු  8.50ට ධාවනය වීමට නියමිත අංක 1006 පොඩිමැණිකේ, පෙරවරු  10.20ට ධාවනය වීමට නියමිත අංක  1008 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , ඇතුළු දුම්රියන් ප්‍රමාද වී ධාවනය කෙරෙන බවත් ,  පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම පිළීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට සේවක පිරිස් පිටත් කර යැවීමට කටයුතු කරන බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .



අදහස් (2)

උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා

Perera Tuesday, 29 April 2025 10:04 AM

නිතරම ලංකාවේ දුම්රිය පීලි පැණීමට ප්‍රධානම හේතුව රේල් පීලි ඇතුළුව දුම්රිය මාර්ගය නිසි පරිදි නඩත්තු නොකිරීම .දෙවැනි කරුණ දුම්රියේ රෝද සැකසුම් නිසි අයුරින් නඩත්තු නොකිරීම

:       1       3

ආර්.එම්.එස්.රත්නායක Tuesday, 29 April 2025 11:02 AM

උඩරටට මේ දිනවල අධික වැසි සංචාරක පාරදීසයක දුමිරිය බැවින් මාර්ග අවහිර තා ඉතා හැකි ඉක්මනින් නිවරදි කිරීමට පියවර ගැනීම සුදුසුයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site