
(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හිල්ඔය දුම්රිය ස්ථන අතර අද (14) පිලී පැනීමට ලක්විය.
එම දුම්රියේ එංජිමේ රෝදයක් හා මැදිරි දෙකක රෝද කිහිපයක් පිලී පැනිමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
උඩරට මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා වූ කොටසේ මෙම වර්ෂයේ දී දිගින් දිගටම පිලී පැනීම සාමාන්‍ය තත්වයකට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙකුගේ හෝ වගකිවයුතු කිසිදු අයකුගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
මෙරටට පැමිණෙන සංචාරකයන් බහුල වශයෙන් දුම්රිය මාර්ගයේ මෙම ප්‍රදේශයේ අසිරිය නැරඹීමට අමතක නොකරන අතර එවන් කොටසක මෙසේ දිනපතාම දුම්රිය පිලි පැනීම් සිදුවීම ජාත්‍යන්තර වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අපකීර්තියක් බව ද වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd