(උපාලි ආනන්ද)
අපවත්වී වදාල පල්ලේගම සිරිනිවාස නාහිමියන් අටමස්ථනාධිපති ධූරය දරමින් සිටියදී පරිහරණය කළ අනුරාධපුර අටමස්ථානයට (උඩමළුවට) අයත් අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක් සහ මෝටර් රථයක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු නීති විරෝධීව රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන පරිහරණය කරමින් සිටින බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය බී වාර්තාවක් මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි
අනුරාධපුර අටමස්ථානයට (උඩමළුව පන්ස) අයත් ජීප් රථ දෙකක් සහ මෝටර් රථයක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන තිලක් නමින් හඳුන්වන පුද්ගලයකු නීති විරෝධීව රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන ඒවා පරිහරණය කරමින් සිටින බව පවසමින් අනුරාධපුර බෝමළුව විහාරවාසි කැකිරාවේ ඥාණසිරි හිමියන් ෙ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර අති බව පොලිසිය අධිකරණයට දැන් වීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩමළුව විහාරයේ වාහන තුන ගැන විධිමත් වාර්තාවක් ඉල්ලයි
CK.Lankaputhra Monday, 27 February 2023 02:50 PM
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ අධි සුඛෝපභෝගි වාහන පාවිච්චි කරන්නේ දේශපාලන පොරවල් කියලයි. බලපුවාම අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේලාත් පාවිච්චි කරන්නේ V8 නේ... සාදු සාදු සාදු...!
පිටිගල මිලානෝ Monday, 27 February 2023 03:04 PM
ලංකාවට ඇත්තටම බුදුදහම පැමිණියාද? නැත්නම් පැමිණි බුදුදහම විනාශවෙලා කොපමණ කල්ද? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස නේද ඉහත දේවල් වුණේ? ඒකයි ඇහුවේ... මට සේපාල් සහෝදරයා මතක් වුණා...
Lalla Tuesday, 28 February 2023 07:05 AM
නිවනට වේගවත්ව ගමන යන්න V8 ඕන කියල දන්නවද?
හේරත් Wednesday, 01 March 2023 05:37 PM
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජවරු සහ අනෙකුත් අය තමන්ට හැකි පමනින් පූජා කලා .ඒ නිසා කාලයට අනුව ලැබෙන පූජා වෙනස් .ඒ වගේම ලැබෙන කිසිවක් කවුරුත් රැගෙන යන් නෑ. අවභාවිතා කීරීමට ඉඩදීම වැරදියි. ලංකාව රැකෙන්නෙ හාමුදුරුවරු නිසා .අපි එය රැකගත යුතුයි