(ටෝනි කරුණානායක)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ගනේමුල්ලේ සංජිව නැමැති සැකකරුගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘උඩුගම්පොළ අලයා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ බස්නාහිර උතුර පළාතේ අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් විසින් අද (5) ගම්පහ දි අත්අඩංගුවට ගනු ලැබීය.
විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් මහ අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ අනුදැනුම මත හෙරොයින් ජාවාරම් කිරීම මිනීමැරුම් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි.
සැකකරුට ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ලැබෙන ආකාරය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් අපරාධකරුවන් කුඩුකාරයන් ඇල්ලූ යුගයක් තවත් නැති තරම්... සැබැවින්ම මේවා අල්ලන පොලිසිය ඇතුළු සියලුම නිලධාරීන්ටත්, ඒ සඳහා වෙහෙස වෙන සැමටත් බොහොමත්ම ස්තුතියි... හොඳ රටක් නිර්මාණය කර ගැනීමට දායක වෙන්න්නනට ජාතියේ ප්‍රණාමය.. එහෙත් කරුමය කියන්නේ, මේ දේවල් වලටත් දේශපාලන කෝන්තර යොදාගෙන සමහර දෙනා කුහකකමින් ඇත්ත ඇති හැටියට දකින අප හට ද නොයෙකුත් ඇනුම් බැනුම් අපහාස කිරීම කණගාටුවට කරුණකි... අපගේ දේශපාලනයක් නැත.. අපට අවශ්‍ය රටයි. මැර තක්කඩින් අල්ලා ඔවුන්ගෙන් රට බේරාගැනීමට කටයුතු කරන කාට හෝ අප කැමති ය. දේශපාලන පක්ෂ පාට අප හට අවශ්‍ය නැත.. එසේ බැලීමට අප අන්තවාදීන්ද නොවේ...