(වසන්ත චන්ද්‍රපාල)

හිගුරාණ සීනි කර්මාන්ත ආයතනය පවත්වාගෙන යන ගල්ඔය වැවිලි සමාගම විසින් ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් උක් වගාවේ කටයතු නීරික්ෂණය සහ පලිබෝධක නාශක ඉසීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ගල්ඔය වැවිලි සමාගම යටතේ ඇති උක් වගාවන්වලට රෝග ඇතිවු අවස්ථාවන්වල සහ  කෘෂි නාශක යෙදීමට මෙන්ම උක් වගාවේ ගුණාත්මක තත්වය සෙවීමට මෙම ඩ්‍රෝන තාක්ෂණය යෙදිමට ආයතනය  පියවර ගෙන තිබේ.

එමෙන්ම උක් වගාව තුලට පැමිණෙන වන අලි  ඉන්නා ස්ථාන  හදුනා  ගැනීම සදහාද  මෙම තාක්ෂණය යොදා ගැනීමට පාලන අධිකාරිය කටයුතු කරමින් සිටී.

උක් වගාවක් තුල ඇති පාලු ස්ථාන හදුනා ගෙන එම වගාව ඇති ගොවීන්ට එම ස්ථානවල උක් ගස් නැවත සිටුවීමට අවශ්‍ය උපදෙස් ගල්ඔය  වැවිලි  සමාගමේ කේෂත්‍ර නිළධාරීන් හරහා   ලබදෙන අතර එයට අවශ්‍ය බීජ උක්ද ලබාදිමටද ගල්ඔය  වැවිලි සමාගම පියවර ගන්නා බව ගල්ඔය වැවිලි සමාගමේ කෘෂිකර්ම දෙපාර්මේන්තු ප්‍රධානි තුෂාර සමන් කුමාර මහතා පැවසීය.

දැනට උක් වගාව  සදහා හිගුරාන සහ ඒ අවට ගොවින් සම්බන්ධ වී ඇති අතර ඔවුන් දිරිමත් කිරීම මෙන්ම ගුනාත්මක වගාවක් ඇති කිරිමට මෙම පියවර ගත්  බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන වැවිලි කළමණාකරු එච්.එම්.ඒ. බණ්ඩාර මහතා කීය.

දැනට ගල්ඔය  වැවිලි සමාගම යටතේ උක් ගස් හෙක්ටයාර් 8000 වගා කරන අතර   ගොවින් 10000 ක් පමන උක් වගාව සමග සම්බන්ධ වි තිබේ.උක් අස්වැන්න වැඩිවිම තුලින් ගොවියාට ආර්ථික ලාභයක් ලබාදීම මෙන්ම සීනි නිෂ්පාදනය වැඩිකර ජාතික ආර්ථිකයට ශක්තියක්  ලබාදිම නවීන තාක්ෂණය උපයෝගි කරමින් සිදුකරන  බව ගල්ඔය  වැවිලි සමාමේ ප්‍රධාන විධායක නිළධාරි සුරාත් පෙරේරා මහතා පැවසිය.

ඉදිරියේදි  ලෝකයේ ඇති අති නවීන  තාක්ෂණය උක් වගාව සදහා ලබාදිමට දැනටමත් කටයුතු සුදානම් කර ඇති  බවද පැවසීය.මෙම නවීකරණ කටයුතු සහ නවීන තාක්ෂණය සමග ගොවියා බද්ධ කර උක්  අස්වනු වැඩි කිරීම මෙන්ම අතිරේක භෝග සඳහා ගොවියා යොමුකර වැඩි ආර්ථික රටාවක් ඔවුන්ට ලබාදීම ගල්ඔය  වැවිලි සමාගමේ අරමුණ සහ ඉලක්කය බවද සදහන්  කලේය.